අග්‍රගන්‍ය දේපලක සාඩම්බර හිමිකරුවෙකු වීමේ දැඩි අපේක්ෂාවක් ඔබ සියලු දෙනාටම ඇති බව අපි තදින්ම විශ්වාස කරමු. පවුලේ සමීපතමයන් සමඟ නිදහසේ ජීවත් වීමට අවැසි සිහින නිවස ඉදි කිරීමට මිහිකතෙන් හොඳම බිම් කොටසක් මිලදී ගැනීමේ ප්‍රාර්ථනාව ඔබ තුල ඇති බවත් අප හොඳින්ම දනිමු. එම දේපල සිහිනය යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා ප්‍රයිම් ලෑන්ඩ්ස් හී අපි සියලු දෙනා නිරන්තරයෙන් ඇප කැප වන්නේ ඒ නිසාවෙන්මයි. ඔබේ සිතැඟි වලට සරිලන ඕනෑම ආකාරයට අනර්ගතම බිම් කොටසක් ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකින් ලබා දීමට ද, ඒ හා සහ-සම්බන්ධ වූ නෛතික, මුල්‍යමය ආදී නොයෙක් ආකාරයේ සහය සේවාවන් සුහදව ද , කාර්යක්ෂමව ද ඔබ වෙත ලබා දෙමින්, ඔබගේ නිවාස හා දේපල සිහිනය සැබෑවක් කිරීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් සෑම විටම සූදානමින් සිටී. අසීමිත තරඟකාරීත්වයකින් යුතු ශ්‍රී ලාංකිය දේපල වෙළඳාම් ක්ෂේත්‍රය තුල පාරිභෝගිකයන් ලක්ෂ 3කට අධික පිරිසක් අප සමඟ එක්ව සිටීම ප්‍රයිම් සමුහය, ක්ෂේත්‍රය තුල දරන ප්‍රමුඛත්වය, විස්වාශනියත්වය හා බැඳුනු ස්ථාවරභාවය විදහා දැක්වීමට සාක්ෂි දරණු ඇත.
සුවපහසුව සහ විලාසය පිරිනැමීම සඳහා ඉතා සූක්ෂම ලෙස නිර්මාණය කර ඇති අපගේ නවතම දේපල ලැයිස්තුගත කිරීම් හරහා බ්‍රවුස් කරන්න. සවිස්තරාත්මක දර්ශන සහ පහසුකම් ගවේෂණය කිරීමට ඕනෑම ලැයිස්තුගත කිරීමක් මත ක්ලික් කරන්න
අප විසින් සම්පූර්ණ කළ ව්‍යාපෘති 200කට වැඩි ප්‍රමාණයක් නරඹන්න. සෑම ව්‍යාපෘතියකම වැඩි විස්තර සහ ඡායාරූප බැලීමට එම ව්‍යාපෘති පිටුවට පිවිසෙන්න.
වර්ෂ 1995 සිට දශක ගණනක් පුරාවට ලාංකීය දේපළ වෙළඳ ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වයේ රැඳී සිටීමෙන් ලද ප්‍රවීණත්වයෙන්, නේවාසික, ව්‍යාපාරික ආදී ඕනෑම දේපල අවශ්‍යතාවයකට විසඳුම් සැපයීමටත් විශේෂඥ්ඥ සහය ලබා දීමටත් අත්දැකීම් බහුල අපගේ සුහදශීලී නිලධාරි මඩුල්ල නිරන්තරයෙන් සූදානමින් සිටියි.
දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ පෙරගමන්කරු වශයෙන් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 18 ක් තුල සියලු දේ සපිරි ඉඩම් ව්‍යාපෘති ගණනාවක් ද, ආකර්ෂණීය ගෘහ නිර්මාණ සැලසුම් වලට අනුකුලව නිම වූ නිවාස ව්‍යාපෘති ගණනාවක් ද, ඔබගේ රුචිකත්වයට සරිලන මාදිලියෙන් ඉතා පුළුල් මිල පරාසයන් යටතේ නිර්මාණය වී ඇත.
දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ අප, දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ අපගේ විශිෂ්ටත්වය තහවුරු කර ඇත.
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.