logo

ප්‍රයිම් ලෑන්ඩ්ස් නවතම යාවත්කාලීන කිරීම්

ප්‍රයිම් ලෑන්ඩ්ස් හි නවතම වර්ධනයන් සහ ජයග්‍රහණ සමඟ යාවත්කාලීනව සිටින්න. අපගේ ව්‍යාපෘති සහ සන්ධිස්ථාන පිළිබඳ වැඩිදුර දැන ගැනීමට අපගේ පුවත් ලිපි කියවන්න.

2026-07-31

ප්‍රයිම් සමූහය සිය නවතම ශාඛාව ගම්පහදී විවෘත කරයි

ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ සහ වඩාත්ම විශ්වාසනීය දේපළ වෙළඳාම් සන්නාමය වන Prime සමූහය, සිය නවතම ශාඛාව අංක 6, මංගල පාර, ගම්පහ යන ස්ථානයේ පසුගියදා විවෘත කළේය. මෙය ප්‍රයිම් සමූහයේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ. සීඝ්‍රයෙන් දියුණු වන ප්‍රදේශයක් වන ගම්පහ ප්‍රදේශයේ ජනතාවට මින් ඉදිරියට වඩාත් පහසුවෙන් Prime දේපළ ව්‍යාපෘති හා සේවාවන් ලබාගැනීමට මෙමඟින් අවස්ථාව ලැබෙනු ඇත. කාටත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක ස්ථාපිත කර ඇති, සියලු පහසුකම්වලින් සමන්විත මෙම රාජකාරි දිනවල පෙරවරු 8.30 සිට පාරිභෝගිකයන් වෙනුවෙන් විවෘතව පවතී. Prime සමූහය ශාඛා පිහිටුවීමේදී කවදත් පාරිභෝගිකයන්ගේ පහසුවට මුල් තැන දෙන අතර, මෙම පාරිභෝගික-කේන්ද්‍රීය චින්තනය නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රමුඛයා ලෙස කීර්තියක් දිනාගැනීමට එම සමූහයට මහෝපකාරී වී තිබේ. 2025 දෙසැම්බර් මාසයේදී කළුතර දිස්ත්‍රික්කය තුළද මෙලෙස නව ශාඛාවක් විවෘත කිරීමට Prime සමූහය කටයුතු කළේය.ගම්පහ ශාඛාව විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රයිම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා මෙසේ පැවසීය: “දීර්ඝ කාලයක පටන් අප ගම්පහ ප්‍රදේශයේ දේපළ වෙළඳාම් ව්‍යාපාර කටයුතු සිදු කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම, සමාගම ආරම්භ කළ අවධියේදී අපගේ මුල්ම ඉඩම් ව්‍යාපෘතිය දියත් කළේද ගම්පහ ප්‍රදේශයේයි. එබැවින් අපගේ ශාඛාවක් මෙහි ස්ථාපිත කිරීම අපගේ දීර්ඝකාලීන වර්ධන ක්‍රමෝපාය යටතේ ගත් සැලසුම් සහගත පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. මධ්‍යම අධිවේගී මාර්ගයට ආසන්නයේ පිහිටා තිබීම හේතුවෙන් ගම්පහ ප්‍රදේශය මේ වන විට ශීඝ්‍රයෙන් සංවර්ධනය වන වාණිජ හා ප්‍රවාහන කේන්ද්‍රයක් බවට පත්වෙමින් තිබෙනවා. එවැනි ප්‍රදේශයක අපගේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම යනු ආවරණ පරාසය පුළුල් කිරීම සහ පාරිභෝගිකයන්ට මුල් තැන දීම ඔස්සේ සෑම පාරිභෝගිකයෙකුටම උසස්ම තලයේ සේවාවක් ලබාදීමට අප දක්වන උනන්දුව හා කැපවීම යළි තහවුරු කරන පියවරක් ලෙස හැඳින්විය හැකියි.” වසර 30 කට අධික කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ඉඩම් සංවර්ධන ව්‍යාපෘති 3,000 කට අධික සංඛ්‍යාවක් සහ නිවාස හා මහල් නිවාස සංවර්ධන ව්‍යාපෘති 12 ක් සාර්ථකව ක්‍රියාවට නංවමින් ජනතාවගේ විශ්වාසය හා ආදරය දිනාගැනීමට Prime සමූහයට හැකි විය. ගම්පහ ප්‍රදේශයේ මීට පෙර ශාඛාවක් ස්ථාපිත කර නොතිබුණද Prime සමූහය එම දිස්ත්‍රික්කයේ ජනතාව කිසිදු අඩුපාඩුවකින් තොරව තම සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබිණි. Prime සමූහය විසින් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාවට නංවන ලද දේපළ සංවර්ධන ව්‍යාපෘති අතරට Yolo, Venezia සහ J'adore වැනි නව්‍ය ව්‍යාපෘති මෙන්ම The Palace, The Life සහ Prime Evoke වැනි නිවාස ව්‍යාපෘති රාශියක් ඇතුළත් වී තිබේ. මේ සියල්ල රටේ ජනතාවගේ විවිධාකාර වූ දේපළ අවශ්‍යතාවන්ට ගැළපෙන විසඳුම් පිරිනැමීම සඳහා Prime සමූහය දක්වන උනන්දුවට සාක්ෂි දරයි.   මෑතකදී Prime සමූහය විසින් අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුවට ආසන්නව Prime Kadawatha ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. දිවයිනේ සියලු ප්‍රදේශ වෙත පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක ඉදි වන මෙම ව්‍යාපෘතිය, කඩවත ප්‍රදේශයේ ඇති එකම සහාධිපත්‍ය සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය (High-rise condominium project) ලෙස සැලකේ. විශිෂ්ටත්වයේ 30 වැනි වසර සමරන ප්‍රයිම් සමූහය සිය දීර්ඝකාලීන උරුමය තුළින් පන්නරය ලබමින්, කොළඹ වරාය නගරයේ (Port City Colombo) හි ක්‍රියාත්මක කරන දැවැන්ත ව්‍යාපෘතිය වැනි සුවිශේෂී ආයෝජන ඔස්සේ මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ගෝලීය තලයට රැගෙන යමින්, ව්‍යාපාරික වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඔබ්බටද තම ආවරණ පරාසය පුළුල් කරමින් සිටී.

වැඩි විස්තර
Gateway College and Prime Lands Enter into Landmark Transaction to Establish New State-of-the-Art School in Malabe

2026-07-30

Gateway College and Prime Lands Enter into Landmark Transaction to Establish New State-of-the-Art School in Malabe

Gateway College has taken over ownership of the Regent Country Club in Malabe, in a landmark transaction that will pave the way for the establishment of a new state-of-the-art international school in one of the fastest-growing residential areas in the Greater Colombo region.Significantly, the transaction takes place at a special milestone in the history of both organisations, as Gateway and Prime Lands, having had humble beginnings three decades ago, celebrate their 30th anniversaries this year. The landmark collaboration marks another important chapter in the growth journeys of two organisations that have made a significant impact in their respective fields.The transaction follows a decision by the Prime Group to focus on several of its large-scale development projects while facilitating the establishment of a high-quality international school in an area where the Group has played a significant role in driving residential development.The picturesque 3.2 acre property is already equipped with a range of well-developed facilities, including a banquet hall, conference rooms, offices, swimming pool, gymnasium and other supporting infrastructure. These facilities will provide a strong foundation for the development of a modern educational environment designed to meet the needs of a growing community.Sandamini Perera, Co-Founder and Co-Chairperson of Prime Lands (Pvt) Ltd, said that Malabe and its surrounding areas have emerged as some of the fastest-growing regions in Sri Lanka.“Prime Lands, together with many other developers, has contributed significantly to the transformation of this area into a highly sought-after residential region for the upper-middle-class segment of Greater Colombo's urban population. We are delighted to see Gateway College establish its presence here, providing residents in Malabe and the surrounding areas with convenient access to an international school offering education of the highest quality,” she said.Dr. Harsha Alles, Chairman of the Gateway Group, expressed his appreciation to the Prime Group for facilitating the transaction and supporting the process through a phased approach that made the acquisition possible.“We are extremely grateful to the Prime Group for the manner in which they facilitated this entire process. The phased approach adopted by them enabled us to make this landmark transaction a reality,” Dr. Alles said.He added that the new school would further strengthen the Gateway Group's growing network of educational institutions, which includes Gateway Colleges in Rajagiriya, Kandy, Negombo, Dehiwala and Ratmalana, as well as Springfield Colleges in Kandy, Borella and Nugegoda.All Gateway and Springfield schools operate from spacious campuses equipped with modern facilities. In addition, students across the network benefit from shared specialised facilities, including the nine-acre sports ground in Seeduwa, a 50-metre swimming pool in Negombo and a football pitch in Ratmalana.“With our vision of Energize, Enlighten, Empower, Gateway will continue to strive towards providing a truly global education within a local setting,” Dr. Alles said. “Our objective is to create an environment in which young people are equipped with the knowledge, skills, confidence and values they need to thrive in an increasingly interconnected world.” Picture (From L to R): Ruminda Randeniya, CEO of Prime Group, Sandamini Perera, Co-Founder and CoChairperson of Prime Group, Dr. Harsha Alles, Chairman, Gateway Group and Mrs. Dinali Alles, Director, Gateway Group. 

වැඩි විස්තර
කළුතර ප්‍රථම සැලසුම්සහගත සංවෘත නිවාස සංකීර්ණය වන ‘කලූරා’ (Kaloora) හි ඉදිකිරීම් කටයුතු ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙතින් ඇරඹෙයි

2026-06-27

කළුතර ප්‍රථම සැලසුම්සහගත සංවෘත නිවාස සංකීර්ණය වන ‘කලූරා’ (Kaloora) හි ඉදිකිරීම් කටයුතු ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙතින් ඇරඹෙයි

කළුතර නගරයේ නවීන ජීවන රටාවට නව මිණුම්දඬු එක් කරමින්, කළුතර ප්‍රථම සැලසුම්සහගත සංවෘත නේවාසික නිවාස සංකීර්ණය (master-planned gated residential community) වන ‘කලූරා’ (Kaloora) හි ඉදිකිරීම් කටයුතු ප්‍රයිම් ලෑන්ඩ්ස් (Prime Lands) සමාගම විසින් සුබ මොහොතින් ආරම්භ කර ඇත. මෙම උත්සවය මඟින් ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන නේවාසික ගමනාන්තයක් ලෙස කළුතර නගරය සතු සුවිශේෂී නැඟීම විදහා දක්වයි.‘කලූරා’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් අංශය වන ප්‍රයිම් කොන්ස්ට්‍රක්ෂන්ස් (Prime Constructions (Pvt) Ltd) ආයතනය විසින් සිදු කරනු ලබන අතර, එමඟින් සෑම ඉදිකිරීම් අදියරක් සඳහාම ඉහළ ඉංජිනේරු සහ ව්‍යාපෘති නිමවුම් විශේෂඥතාවක් එක් කෙරේ. දැනටමත් ඉදිකිරීම් කටයුතු වේගයෙන් සිදුවන බැවින්, අනාගත පදිංචිකරුවන්ගේ සිහිනයක්ව පැවති මෙම ව්‍යාපෘතිය සැබෑවක් බවට පත්වීමේ ගමන මේ වන විට ආරම්භ වී ඇත.කළුතර නගරයට විනාඩි 5ක කෙටි දුරකින්, නාගොඩ රෝහලට මීටර් 800ක් සහ දොඩංගොඩ අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15ක දුරින් පිහිටා ඇති බැවින්, පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, ආපනශාලා සහ අනෙකුත් එදිනෙදා අත්‍යවශ්‍ය පහසුකම් ‘කලූරා’ වෙත ඉතා පහසුවෙන් ළඟා විය හැකිය. මෙම සංකීර්ණය තුළ පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක සේවාව, පිහිනුම් තටාකයක්, සම්පූර්ණයෙන්ම සමන්විත ව්‍යායාම ශාලාවක්, ළමා ක්‍රීඩාංගණයක්, ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩා පහසුකම් සහ බහුකාර්ය ශාලාවක් (multifunctional room) ඇතුළත් වන අතර, එමඟින් කොළඹ පවතින සුඛෝපභෝගී ජීවන රටාවක සුවපහසුව කළුතර නගරයට ද රැගෙන විත් ඇත.ආරක්ෂාව, සුවපහසුව සහ දිගුකාලීන වටිනාකම අගය කරන පවුල් වෙනුවෙන්ම නිමවා ඇති ‘කලූරා’ ව්‍යාපෘතිය, ඉඩකඩ සහිත නිවාස, නවීන වාස්තු විද්‍යාත්මක සැලසුම් සහ කදිම ජීවන පහසුකම් සුරක්ෂිත හා නිස්කලංක පරිසරයක් තුළ මුසු කර ඇත. මෙහි ආරක්ෂාව, නිස්කලංක බව මෙන්ම ප්‍රජා සබඳතාවන් ද පහසුව සමඟින් මැනවින් මුසු වී ඇති බැවින්, මෙය ඔබගේ ආයෝජනය දිනෙන් දින වර්ධනය වන සහ නිවසක හිමිකාරිත්වය පිළිබඳ පවුලේ සැමට ආඩම්බර විය හැකි කදිම නවාතැනකි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රයිම් ලෑන්ඩ්ස් (Prime Lands Ltd) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා මෙසේ පැවසීය:"‘කලූරා’ යනු කළුතර නගරයේ ඉතිහාසයට එක්වන සුවිශේෂී සන්ධිස්ථානයක්. මොකද මෙය කළුතර ප්‍රදේශයේ ඉදිවන ප්‍රථම සංවෘත නේවාසික නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය (gated residential community project) වෙනවා. උසස් තත්ත්වයේ සහ දූරදර්ශීව සැලසුම් කළ ජීවන අවකාශයන් නිර්මාණය කිරීම සඳහා ප්‍රයිම් සතු කැපවීම විදහා දක්වමින්, මෙම සුවිශේෂී ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්. එමඟින් කලාපයේ නවීන නේවාසික ජීවන ප්‍රමිතිය ඉහළ නංවනවා. පවුල් රැසකට විශ්වාසයෙන් යුතුව පදිංචි වී වර්ධනය විය හැකි සුරක්ෂිත, මැනවින් සැලසුම් කළ වටපිටාවක් අප නිර්මාණය කර ඇති අතර, අපගේ නම්‍යශීලී ගෙවීම් සැලසුම් නිසා මෙවැනි ඉහළ ප්‍රමිතියකින් යුත් නිවසක් හිමිකර ගැනීම දැන් බොහෝ පවුල්වලට ඉතා පහසුවෙන් ළඟා කරගත හැකියි."‘කලූරා’ ව්‍යාපෘතිය සමඟින්, ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group) දිවයින පුරා සුවිශේෂී නේවාසික ප්‍රජාවන් බිහි කරමින් සහ මිනිසුන්ගේ ජීවිත පොහොසත් කරමින් ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක දේපළ වෙළඳාම් සන්නාමය ලෙස සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි.වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://www.primelands.lk/house/KALOORA-KALUTARA/en

වැඩි විස්තර
පෝට් සිටි (Port City) හි විශාලතම දේපළ වෙළඳාම් ආයෝජකයා බවට පත්වෙමින්, ප්‍රයිම් සහ මෙල්වා මරීනා කලාපයේ තෙවන බිම් කොටසත් තමන් සතු කරගනී

2026-06-19

පෝට් සිටි (Port City) හි විශාලතම දේපළ වෙළඳාම් ආයෝජකයා බවට පත්වෙමින්, ප්‍රයිම් සහ මෙල්වා මරීනා කලාපයේ තෙවන බිම් කොටසත් තමන් සතු කරගනී

ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ නොසැලෙන විශ්වාසය යළිත් තහවුරු කරමින්, ප්‍රයිම් (Prime) සහ මෙල්වා (Melwa) සමාගම් පෝට් සිටි කොළඹ (Port City Colombo) මරීනා කලාපයේ (Marina Area) පිහිටි, ඉහළම ඉල්ලුමක් පවතින තෙවන බිම් කොටස ද මිලදී ගනිමින් පෝට් සිටි හි විශාලතම දේපළ වෙළඳාම් ආයෝජකයා ලෙස තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත. බිම් කොටස් අංක 1-02-03 යටතේ අක්කර 6කට ආසන්න භූමි ප්‍රමාණයක විහිදෙන මෙම නවතම මිලදී ගැනීමත් සමඟ ඔවුන් සතු සමස්ත ඉඩම් ප්‍රමාණය ආසන්න වශයෙන් අක්කර 16ක් දක්වා ඉහළ යන අතර, එමඟින් ඔවුන් පෝට් සිටි පරිශ්‍රය තුළ විශාලතම දේපළ වෙළඳාම් ආයෝජකයා බවට පත්වේ.අලුතින් අත්පත් කරගත් මෙම බිම් කොටස සුඛෝපභෝගී නිවාස, වාණිජ අවකාශයන් සහ සිල්ලර වෙළඳ සංකීර්ණවලින් (retail offerings) සමන්විත සුවිශේෂී මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් (mixed-use development) ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. මීටර් 150ක් දක්වා උසින් සහ මහල් 42කින් යුත් ගොඩනැඟිලි ඉදිකිරීමේ හැකියාව පවතින මෙම ව්‍යාපෘතිය, මරීනා කලාපය තුළ ඉදිරියේදී සිදුවන වඩාත්ම සුවිශේෂී සංවර්ධන කටයුත්තක් වනු ඇත.මෙම ආයෝජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ (Prime Group) සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහතා මෙසේ පැවසීය:"Prime Marina ව්‍යාපෘතිය ලැබූ ඉහළ සාර්ථකත්වය, පෝට් සිටි කොළඹ පරිශ්‍රය තුළ අපගේ ආයෝජන තවදුරටත් පුළුල් කිරීමට අපට විශාල විශ්වාසයක් ලබා දුන්නා. පෝට් සිටි හි විශාලතම දේපළ වෙළඳාම් ආයෝජකයා බවට පත්වීම සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, එයින් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ අප සතු විශ්වාසයයි. අපගේ අරමුණ වන්නේ රටේ සැබෑ විභවය ලොවට විදහා දක්වන සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘති හරහා ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට රැගෙන යාමයි."පෝට් සිටි කොළඹ පරිශ්‍රයේ උපායමාර්ගික ආයෝජන තුනක් සාර්ථකව තහවුරු කර ගනිමින්, ප්‍රයිම් සහ මෙල්වා සමාගම් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පරිවර්තනයකට නායකත්වය දෙන අතරම, ශ්‍රී ලංකාව ගෝලීය දේපළ ආයෝජන සඳහා ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ස්ථාපිත කිරීමට අඛණ්ඩව දායක වේ.දේශීය මෙන්ම ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ පෙර නොවූ විරූ විශ්වාසය සනාථ කරමින්, ලෝක මට්ටමේ දියත් කිරීමක් සහ වාර්තාගත විකුණුම් සමඟින් 'Prime Marina' ලැබූ අතිමහත් සාර්ථකත්වයෙන් පසුව, ප්‍රයිම් සහ මෙල්වා සමාගම් පෝට් සිටි හි පිහිටි කොළඹ වඩාත්ම සුවිශේෂී වෙරළ තීරයෙන් තවත් උපායමාර්ගික බිම් කොටසක් තමන් සතු කර ගනිමින් තම ව්‍යාපෘති සීමාවන් වේගයෙන් පුළුල් කර ඇත. මෙම තීරණාත්මක පියවර මඟින් ඔවුන්ගේ පැහැදිලි දූරදර්ශී දැක්ම තවදුරටත් ශක්තිමත් කරයි: එනම්, මෙම දිවයින තුළ නවතම මරීනා ජීවන රටාවක් (marina living) බිහිවන විට, ශ්‍රී ලංකාව ඩුබායි, සිංගප්පූරුව සහ හොංකොං වැනි ගෝලීය සන්නාමයන් සමඟ එක පෙළට තැබීමයි.

වැඩි විස්තර
Prime Melwa Formally Commences Asia’s Global Marina-Front Architectural Masterpiece

2025-08-22

Prime Melwa Formally Commences Asia’s Global Marina-Front Architectural Masterpiece

ප්‍රමුඛ පෙළේ ගෝලීය නේවාසික වෙරළබඩ ගමනාන්තයක් ලෙස සංවර්ධනය වන කොළඹ වරාය නගරයේ (Port City Colombo), ලෝක මට්ටමේ මරීනා ජීවන රටා අත්දැකීම (marina living experience) නිල වශයෙන් ආරම්භ කිරීමට ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පුද්) සමාගම [Prime Melwa Port City (Pvt) Ltd] පියවර ගෙන ඇත. ආසියාවේ ගෝලීය මරීනා වෙරළබඩ විශිෂ්ට කෘතිය (Asia’s Global Marina Front Masterpiece) ලෙස හඳුන්වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ සුඛෝපභෝගී වෙරළබඩ ජීවන රටාව නව මානයකට ඔසවා තබන අතරම ගෝලීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ඉහළ ස්ථානයකට රැගෙන යාමට සමත්වනු ඇත.ගෝලීය ආභාසය ලත් මෙම දේපළ ව්‍යාපෘතියේ නිල ආරම්භය සනිටුහන් කරන්නේ අපගේ දුරදක්නා දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයකි. කොළඹ වරාය නගරය තුළ ඇති වඩාත්ම කීර්තිමත් පරිශ්‍රයක පිහිටුවා ඇති මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, අසමසම මරීනා, වෙරළබඩ මෙන්ම මහා සාගරයට මුහුණලා පිහිටි සුඛෝපභෝගී ජීවන රටාවක් අත්විඳීමට ලැබෙන ඉතා දුර්ලභ අවස්ථාවකි.ගෝලීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වටිනාකම සැමවිටම තීරණය වන්නේ සදාකාලික මූලධර්ම තුනක් මතය: එනම් පිහිටීම, ගෘහ නිර්මාණ ශිල්පය සහ සංවර්ධකයා ය. මරීනා කලාපය සහ ඉන්දියන් සාගරය දෙසට මුහුණලා ඇති මෙම ව්‍යාපෘතිය, සිත් ඇදගන්නාසුළු පරිදර්ශක දර්ශන, ඉහළ අගය අගය කිරීමක් (value appreciation) සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කරන ලද අසමසම ජීවන රටා අත්දැකීමක් ලබා දෙයි. දකුණු ආසියාවේ වඩාත්ම අභිලාෂකාමී සහ ජාත්‍යන්තරව පිළිගත් අනාගත නගරය වන කොළඹ වරාය නගරය තුළ පිහිටා ඇති ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි ව්‍යාපෘතිය, බාධාවකින් තොර සාගර ක්ෂිතිජයක් සහිත සුවිශේෂී මරීනා වෙරළබඩ පිහිටීමක් හිමිකර ගනී. මෙම සුවිශේෂී පිහිටීම ව්‍යාපෘතිය සැබවින්ම සුවිශේෂී සංවර්ධනයක් බවට පත් කරයි.මෙම ව්‍යාපෘතිය සැබෑ ගෘහ නිර්මාණ ශිල්පීය විශිෂ්ට කෘතියක් බවට පත් කරන්නේ එහි නිර්මාණකරණයයි. ජාත්‍යන්තරව කීර්තිමත් ‘P&T Singapore’ ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ සැලසුම්කරණයෙන් හැඩවන මෙම ව්‍යාපෘතිය, මෙතෙක් කලාපයේ අත්නොවිඳි ඉහළ මට්ටමක නවීනත්වයක්, අලංකාරයක් සහ පිරිපහදු කළ වෙරළබඩ ජීවන රටාවක් හඳුන්වා දෙයි. සෑම අංගයක්ම කාලීන ගෘහ නිර්මාණ ශිල්පීය විශිෂ්ටත්වය, සමකාලීන සුඛෝපභෝගීත්වය සහ ලෝක මට්ටමේ ප්‍රමිතීන්ට ගැලපෙන පරිදි ඉතා කල්පනාකාරීව නිමවා ඇත.ව්‍යාපෘතියේ සංවර්ධකයා යනු ශක්තිය, විශ්වාසය සහ උරුමයේ සංකේතයකි. වසර 30කට වැඩි විශිෂ්ටත්වයක් සහිත ශ්‍රී ලංකාවේ නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැබෑ නායකයා වන ප්‍රයිම් සමූහය (Prime Group), මෙරට ශක්තිමත්ම සහ විශ්වාසදායකම ව්‍යාපාරික ජාලයක් වන මෙල්වා (Melwa) සමඟ අත්වැල් බැඳගෙන ශ්‍රී ලංකාවේ සහ ඉන් ඔබ්බට නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කිරීමට සූදානම් වේ.මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනී සඳමිණි පෙරේරා මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය, "ගෝලීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ, පිහිටීම සැමවිටම තීරණාත්මක සාධකය වී තිබෙනවා. කොළඹ වරාය නගරය කියන්නේ දකුණු ආසියාවේ වඩාත්ම අභිලාෂකාමී ගමනාන්තයයි. වරාය නගරය තුළ ඔබ සිටින්නේ කුමන ස්ථානයකද යන්න ඉතා වැදගත්. මෙහි වඩාත්ම කීර්තිමත්, ඉහළම ඉල්ලුමක් ඇති, වැඩිම වටිනාකමක් එකතු වන සහ දුර්ලභම ලිපිනය නියෝජනය කරන්නේ මරීනා කලාපයයි (Marina Zone). අපගේ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, මරීනා කලාපයට, වෙරළ තීරයට සහ ඉන්දියන් සාගරයට මුහුණලා ඇති එකම නේවාසික ව්‍යාපෘතිය වන බැවින්, එය උසස් ජීවන රටාවක් මෙන්ම කල්පවත්නා වටිනාකමක් ලබාදෙන සැබවින්ම සුවිශේෂී ජීවන රටාවක් සහ ආයෝජන අවස්ථාවක් උදාකර දෙනවා."මෙම ව්‍යාපෘතියේ විකුණුම් කටයුතු දැන් නිල වශයෙන් ආරම්භ කර ඇති අතර, දකුණු ආසියාවේ වඩාත්ම කැමතිම පරිශ්‍රයකින් තම නිවහන වෙන්කරවා ගැනීමට ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි ආයතනය බුද්ධිමත් ගැනුම්කරුවන්ට සහ ආයෝජකයින්ට ආරාධනා කර සිටියි. ශ්‍රී ලංකාවේ දියුණු වන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය කෙරෙහි ආයෝජකයින් තුළ ඇති දැඩි විශ්වාසය මෙම ව්‍යාපෘතිය මගින් මනාව පෙන්නුම් කරන අතර, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තරයට අපනයනය කිරීමේ ප්‍රයිම් සමූහයේ දැක්ම තවදුරටත් ශක්තිමත් කරයි.

වැඩි විස්තර
ප්‍රයිම් මෙල්වා වෙතින් කොළඹ වරාය නගරයේ ලෝක මට්ටමේ මරීනා ජීවන රටාවක් (Marina Living) නිල වශයෙන් ජනගත කෙරේ

2026-05-13

ප්‍රයිම් මෙල්වා වෙතින් කොළඹ වරාය නගරයේ ලෝක මට්ටමේ මරීනා ජීවන රටාවක් (Marina Living) නිල වශයෙන් ජනගත කෙරේ

ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පුද්) සමාගම [Prime Melwa Port City (Pvt) Ltd], 2026 මැයි 12 වන දින CHEC පෝර්ට් සිටි කලම්බෝ (පුද්) සමාගම [CHEC Port City Colombo (Pvt) Limited] සමඟ විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුමට (SPA) නිල වශයෙන් අත්සන් තබන ලදී. මෙය කොළඹ වරාය නගරයේ (Port City Colombo) ඉදිවන වඩාත්ම කීර්තිමත් මරීනා සහ වෙරළබඩ සංවර්ධන ව්‍යාපෘතියක් යථාර්ථයක් බවට පත් කිරීමේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.කොළඹ වරාය නගරය තුළ ඉතිරිව ඇති එකම මරීනා සහ වෙරළබඩ නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ස්ථානගත කර ඇති මෙම ව්‍යාපෘතිය, මෙතෙක් කලාපය තුළ අත්නොවිඳි අතිසාමාන්‍ය ජීවන රටා අත්දැකීමක් ලබා දීමට සූදානම් වේ. මනරම් මරීනා කලාපය සහ ඉන්දියන් සාගරය දෙසට මුහුණලා පිහිටි මෙම ව්‍යාපෘතිය, එහි සුවිශේෂී සැලසුම්කරණය, සිත් ඇදගන්නාසුළු දර්ශන, ලෝක මට්ටමේ පහසුකම් සහ අසමසම අනන්‍යතාවය තුළින් දකුණු ආසියාවේ සුඛෝපභෝගී වෙරළබඩ ජීවන රටාව ප්‍රතිනිර්මාණය කරන විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පීය නිර්මාණයක් ලෙස සැලසුම් කර ඇත.ලෝකයේ වඩාත්ම අභිලාෂකාමී සහ ගෝලීය වශයෙන් වැදගත් නාගරික පරිවර්තන මුලපිරීමක් තුළ පිහිටුවා ඇති මෙම ව්‍යාපෘතිය, කොළඹ නගරයේ දියුණු වන අහස් කුස හැඩකරන සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම ගෝලීය වශයෙන් තරඟකාරී සුඛෝපභෝගී දේපළ වෙළඳාම් ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ නැගී සිටීමේ සංකේතයක් බවට පත්වීමට නියමිතය.මෙම සන්ධිස්ථානීය සහයෝගීතාවය හරහා ශ්‍රී ලංකාවේ වඩාත්ම බලපෑම් සහගත ආයතනික ආයතන දෙකක් වන ප්‍රයිම් සමූහය (Prime Group) සහ මෙල්වා (Melwa) අත්වැල් බැඳගන්නා අතර, දශක ගණනාවක වෙළඳපල නායකත්වය, උපායමාර්ගික දැක්ම සහ ඔප්පු කරන ලද විශිෂ්ටත්වය මුසු කරමින් සැබවින්ම ලෝක මට්ටමේ මරීනා වෙරළබඩ ගමනාන්තයක් නිර්මාණය කරයි.මෙය හුදෙක් ඉහළ මට්ටමේ දේපළ වෙළඳාම් ව්‍යාපාරයකට වඩා, ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව සහ නැගී එන ව්‍යාපාරික, ජීවන රටා සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ වරාය නගරයේ වර්ධනය වන ජාත්‍යන්තර වැදගත්කම පිළිබඳව තැබූ ස්ථිර විශ්වාසයකි. දිගුකාලීන ආර්ථික වටිනාකමක් ඇති කරන, විදේශීය ආයෝජන ආකර්ෂණය කරගන්නා සහ රට කෙරෙහි ගෝලීය ආයෝජකයින්ගේ විශ්වාසය ශක්තිමත් කරන මෙවැනි පරිවර්තනීය සංවර්ධනයන් සඳහා ආයෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් සතු කැපවීම මෙයින් තවදුරටත් මනාව පෙන්නුම් කෙරේ.කොළඹ වරාය නගරය තුළ ඇති අවසාන මරීනා වෙරළබඩ සංවර්ධන අවස්ථාවන්ගෙන් එකක් වන බැවින්, මෙම භූමි භාගය සුවිශේෂී උපායමාර්ගික වැදගත්කමක් සහ දිගුකාලීන ආයෝජන වටිනාකමක් දරයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම විදේශ විනිමය නම් කරන ලද විශේෂ ආර්ථික කලාපය (Special Economic Zone) තුළ පිහිටා ඇති බැවින්, ගෝලීය මට්ටමේ වෙරළබඩ ජීවන රටාවක් සහ සුරක්ෂිත ආයෝජන අවස්ථාවක් සොයන ජාත්‍යන්තර ආයෝජකයින්, විදේශගත ශ්‍රී ලාංකිකයින් සහ ඉහළ වත්කම් සහිත ගැනුම්කරුවන් ආසියාවේ වඩාත්ම බලාපොරොත්තු සහගත නැගී එන ගමනාන්තයක් වන මෙම ව්‍යාපෘතිය වෙත ආකර්ෂණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.මෙම ඓතිහාසික හවුල්කාරිත්වය සමඟින්, ප්‍රයිම් ලෑන්ඩ්ස් සහ මෙල්වා ආයතන හුදෙක් තවත් එක් සුඛෝපභෝගී ව්‍යාපෘතියක් සංවර්ධනය කරනවා පමණක් නොව; ඔවුන් ශ්‍රී ලංකාවේ අභිලාෂය, ​​නවෝත්පාදනය සහ ලෝක වේදිකාවට රටේ නිර්භීත නැගී සිටීම සංකේතවත් කරන සුවිශේෂී ගෝලීය ලිපිනයක් හැඩගස්වමින් සිටියි.

වැඩි විස්තර
ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමෙන් YOLO වෙත ඇමරිකානු ඩොලර් මිලියන 52.5 ක ආයෝජනයක් සමඟ ආයෝජන මණ්ඩල අනුමැතිය.    ප්‍රයිම් YOLO සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 52.5 ක ආයෝජනයක්; ආයෝජන මණ්ඩල අනුමැතියත් ලැබෙයි.

2026-03-25

ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමෙන් YOLO වෙත ඇමරිකානු ඩොලර් මිලියන 52.5 ක ආයෝජනයක් සමඟ ආයෝජන මණ්ඩල අනුමැතිය. ප්‍රයිම් YOLO සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 52.5 ක ආයෝජනයක්; ආයෝජන මණ්ඩල අනුමැතියත් ලැබෙයි.

ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන YOLO සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බව ඔවුන් ආඩම්බරයෙන් නිවේදනය කර සිටියි. මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වීමට, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ විශිෂ්ට නාගරික ආකර්ෂණයක් බවට පත්වීමට තිබෙන හැකියාව ආයෝජන මණ්ඩලය විසින් හඳුනාගැනීම අනුව, YOLO ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.මෙම සමඟ, ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) අතර ඇමරිකානු ඩොලර් මිලියන 52.5 ක ආයෝජන ගිවිසුමක් අත්සන් කර ඇති අතර, එමඟින් සමූහයේ ශක්තිමත් මූල්‍ය තත්ත්වය, සමාගම තුළ පවතින ශක්තිමත් පාලන ප්‍රමිතීන් සහ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් අංශය ශක්තිමත් කිරීම සඳහා ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම දක්වන දිගුකාලීන කැපවීම පිළිබිඹු වෙයි.කිරිල්ලවත්ත, මාකෝළ ප්‍රදේශයේ පිහිටා තිබෙන ප්‍රයිම් ලෑන්ඩ්ස් හි YOLO නිවාස සංකීර්ණය, උසස් මට්ටමේ නාගරික ජීවන රටාවක් යනු කුමක්දැයි අර්ථකථනය කිරීම සඳහාම නිර්මාණය කර ඇති නේවාසික සංවර්ධන ව්‍යාපෘතියක් වෙයි. කඩවත අධිවේගී මාර්ග පිවිසුමේ සිට මිනිත්තු 5 ක දුරකින් පිහිටා තිබෙන YOLO නිවාස සංකීර්ණයට, මහනුවර, කුරුණෑගල, ගාල්ල, මාතර සහ හම්බන්තොට ඇතුළු ප්‍රධාන නගර වෙත පැය එකහමාරක් දෙකක් අතර කාලයකින් බාධාවකින් තොරව ළඟා වීමට හැකියාව තිබේ. එමෙන්ම මිනිත්තු 30 කටත් අඩු කාලයකින් කොළඹ නගරය වෙත පිවිසීමේ හැකියාව ද පවතී. ගංවතුර සහ නායයෑම් යන ස්වභාවික ව්‍යසනයන්ගෙන් ආරක්ෂාව සහිත කලාපයක පිහිටා තිබෙන YOLO සංකීර්ණය, අක්කර 13 ක භූමි ප්‍රමාණයක විහිදී තිබේ. මෙම ව්‍යාපෘතිය ගොඩනැගිලි 46 ක් තුළ පිහිටි මහල් නිවාස 476 කින් සමන්විත වෙයි. මෙම එක් එක් ගොඩනැගිල්ලක බාබකියු පහසුකම් සහ Dining පහසුකම් ද සහිත වර්ග අඩි 2,000 ක ප්‍රමාණයේ rooftop garden එකක් පවතී.මෙම ව්‍යාපෘතිය මගින් නිදන කාමර 2 ක් හෝ 3 ක් වන මහල් නිවාස පිරිනමන අතර, YOLO නිවැසියන්ගේ පාවිච්චිය සඳහාම වෙන්ව ඇති, වර්ග අඩි 100,000 කට අධික ඉඩක විහිදුණු ඉහළ මට්ටමේ පහසුකම් වලින් ද මෙම සංකීර්ණය සමන්විත වෙයි. මංතීරු 3 ක bowling alley, සිනමා ශාලාවක්, coffee shop, co-working අවකාශය සහ business lounge, karaoke club, කාසි යොදා ක්‍රියාත්මක කළ හැකි රෙදි සෝදන යන්ත්‍ර අංගනය, හුරුබුහුටි ප්‍රමාණයේ සුපිරි වෙළඳසැල, බාර් එකක් සහිත පිහිනුම් තටාකය, අංගසම්පූර්ණ gym එක සහ CrossFit gym එක, paddle court සහිත ක්‍රීඩා පහසුකම්, jogging path සහ උත්සව ශාලාව මෙම පහසුකම් අතර තිබේ.YOLO ව්‍යාපෘතියේ ඉදිකිරීම්, නියමිත කාලසටහනට අනුව සිදුවෙමින් පවතින අතර, ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් පොරොන්දු වී තිබූ පහසුකම්, පිරිවිතර සහ ඉදිකිරීම් කාල රාමුව සපුරාලීම සඳහා, සැලසුම් කර ඇති ආකාරයටම සියලුම නිවාස ඒකක ඉදිවෙමින් පවතී. 2024 දී සැලසුම් අඳින ලද ප්‍රයිම් සමාගමේ YOLO සංකීර්ණය, අනාගතයට ගැළපෙන අති නවීන ගෘහ නිර්මාණ සැලසුම් යුතුව නිර්මාණය වන අතර, නවෝත්පාදනීය, නවීන පහසුකම් සමඟ සුසංයෝග වෙමින්, උසස් නාගරික ජීවිතයක් ලබා දෙනු ඇත.ගෘහ නිර්මාණ ශිල්පීය ආකර්ෂණය සහ සිත් ඇදගන්නා සුළු ජීවන රටාවක් ලබාදීමට ඇති හැකියාවට අමතරව, ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් නිර්මාණය කරන YOLO ව්‍යාපෘතිය තුළින්, ඉදිකිරීම්, දේපළ කළමනාකරණ, නඩත්තු සහ සේවා අංශයන් සඳහා සෘජු සහ වක්‍ර රැකියා ඉහළ ප්‍රමාණයක් උත්පාදනය කරමින්, ජාතික ආර්ථික වර්ධනයට දායකත්වයක් ලබාදීමේ අරමුණ ද ඉටු වෙයි. ප්‍රධාන නගර හා මනා සම්බන්ධතාවයක් සහිතව, විශිෂ්ට යටිතල පහසුකම් සමඟින් සංවර්ධනය වෙමින් පවතින කලාපයක පිහිටා තිබෙන කිරිල්ලවත්ත නගරය තුළ ඉදිවන YOLO ව්‍යාපෘතිය, දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් හට ආකර්ෂණීය ආයෝජන අවස්ථාවක්ද ලබා දෙනු ඇත.YOLO ව්‍යාපෘතියේ නිවාස ඒකක රුපියල් මිලියන 35 සිට ආරම්භ වෙයි. එහිදී මාසිකව එයින් 1% ක මුදලක් පමණක් ආයෝජනය කර අත්පත් කර ගත හැකි, 100% ක පොලී රහිත ගෙවීම් සැලසුමක් ද ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් හඳුන්වා දී තිබේ. දිනෙන් දින ඉහළ යන දේපළ වටිනාකම සහ නිවාස කුලියට ලබාදීමට ඇති හැකියාවද සලකමින් මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර ඇති අතර, මෙම නිවාස සඳහා ආයෝජනය කරන්නන්ට තම ආයෝජනය සඳහා 100% ක් දක්වාම ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව තිබේ. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් අංශය ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා ලබා දෙන දායකත්වයත්, ආයෝජනයන් සඳහා මෙන්ම නවීන ජීවන රටාවන් සඳහා ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන කීර්තිය වැඩි වර්ධනය කිරීම සඳහා ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම දක්වන කැපවීමත්, YOLO ව්‍යාපෘතියෙන් පිළිබිඹු වෙයි.ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම ගැන:ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම ස්ථාපිත දේපළ වෙළඳාම් ව්‍යාපාර සමූහයක් වන අතර, ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනයට සහ ආර්ථික ප්‍රගතියට වසර 30ක් පුරාවට සිය දායකත්වය ලබාදී ඇත. පසුගිය දශක තුන තුළ, ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් ශ්‍රී ලංකාව පුරා නවීන ජීවන රටාවන් සහ වෘත්තීන් සඳහා ඔබින පරිසරයන් හැඩගස්වමින්, නේවාසික, වාණිජ සහ ජීවන රටා යන අංශයන් හරහා, නිවාස සහ මහල් නිවාස සංවර්ධන ව්‍යාපෘතීන් 70කට වැඩි ප්‍රමාණයක් සහ ඉඩම් සංවර්ධන වැඩසටහන් 10,000කට අධික ප්‍රමාණයක් දායාද කර තිබේ. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයෙන් ඔබ්බට යමින්, ජාතිය ගොඩනැගීම, සමාජ තිරසාරභාවය සහ සමාජ වගකීම සඳහා වන දැඩි කැපවීමකින් ප්‍රයිම් ලෑන්ඩ්ස් මෙහෙයවෙයි. ඔවුන් විසින් ප්‍රජාවේ යහපැවැත්ම, තීරණාත්මක යටිතල පහසුකම්, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය සඳහා ඇප උපකාර ලබා දෙන වැඩසටහන් වෙත නිරන්තරයෙන්ම ආයෝජනය කරමින්, ව්‍යාපාරික ලෝකයෙන් ඔබ්බට තමන්ගේ සමාජ බලපෑම පුළුල් කරමින් සිටී.ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමම් YOLO නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය, මේ වන විට 'ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය හිමි ව්‍යාපෘතියකි' යන තත්ත්වය හිමි කර ගෙන තිබේ. (වමේ සිට දකුණට) එම ආයෝජන මණ්ඩල සහතිකය ලබා ගැනීමේ අවස්ථාවට සහභාගී වූ සීමාසහිත ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂ අනුර පතිරණ, සීමාසහිත ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්මදෙණිය, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සුජීව මුදලිගේ සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා ආචාර්ය රුවිනි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්.

වැඩි විස්තර

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.