logo

2026-06-27

කළුතර ප්‍රථම සැලසුම්සහගත සංවෘත නිවාස සංකීර්ණය වන ‘කලූරා’ (Kaloora) හි ඉදිකිරීම් කටයුතු ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙතින් ඇරඹෙයි

කළුතර නගරයේ නවීන ජීවන රටාවට නව මිණුම්දඬු එක් කරමින්, කළුතර ප්‍රථම සැලසුම්සහගත සංවෘත නේවාසික නිවාස සංකීර්ණය (master-planned gated residential community) වන ‘කලූරා’ (Kaloora) හි ඉදිකිරීම් කටයුතු ප්‍රයිම් ලෑන්ඩ්ස් (Prime Lands) සමාගම විසින් සුබ මොහොතින් ආරම්භ කර ඇත. මෙම උත්සවය මඟින් ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන නේවාසික ගමනාන්තයක් ලෙස කළුතර නගරය සතු සුවිශේෂී නැඟීම විදහා දක්වයි.

‘කලූරා’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සමූහ ව්‍යාපාරයේ ඉදිකිරීම් අංශය වන ප්‍රයිම් කොන්ස්ට්‍රක්ෂන්ස් (Prime Constructions (Pvt) Ltd) ආයතනය විසින් සිදු කරනු ලබන අතර, එමඟින් සෑම ඉදිකිරීම් අදියරක් සඳහාම ඉහළ ඉංජිනේරු සහ ව්‍යාපෘති නිමවුම් විශේෂඥතාවක් එක් කෙරේ. දැනටමත් ඉදිකිරීම් කටයුතු වේගයෙන් සිදුවන බැවින්, අනාගත පදිංචිකරුවන්ගේ සිහිනයක්ව පැවති මෙම ව්‍යාපෘතිය සැබෑවක් බවට පත්වීමේ ගමන මේ වන විට ආරම්භ වී ඇත.

කළුතර නගරයට විනාඩි 5ක කෙටි දුරකින්, නාගොඩ රෝහලට මීටර් 800ක් සහ දොඩංගොඩ අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15ක දුරින් පිහිටා ඇති බැවින්, පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, ආපනශාලා සහ අනෙකුත් එදිනෙදා අත්‍යවශ්‍ය පහසුකම් ‘කලූරා’ වෙත ඉතා පහසුවෙන් ළඟා විය හැකිය. මෙම සංකීර්ණය තුළ පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක සේවාව, පිහිනුම් තටාකයක්, සම්පූර්ණයෙන්ම සමන්විත ව්‍යායාම ශාලාවක්, ළමා ක්‍රීඩාංගණයක්, ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩා පහසුකම් සහ බහුකාර්ය ශාලාවක් (multifunctional room) ඇතුළත් වන අතර, එමඟින් කොළඹ පවතින සුඛෝපභෝගී ජීවන රටාවක සුවපහසුව කළුතර නගරයට ද රැගෙන විත් ඇත.

ආරක්ෂාව, සුවපහසුව සහ දිගුකාලීන වටිනාකම අගය කරන පවුල් වෙනුවෙන්ම නිමවා ඇති ‘කලූරා’ ව්‍යාපෘතිය, ඉඩකඩ සහිත නිවාස, නවීන වාස්තු විද්‍යාත්මක සැලසුම් සහ කදිම ජීවන පහසුකම් සුරක්ෂිත හා නිස්කලංක පරිසරයක් තුළ මුසු කර ඇත. මෙහි ආරක්ෂාව, නිස්කලංක බව මෙන්ම ප්‍රජා සබඳතාවන් ද පහසුව සමඟින් මැනවින් මුසු වී ඇති බැවින්, මෙය ඔබගේ ආයෝජනය දිනෙන් දින වර්ධනය වන සහ නිවසක හිමිකාරිත්වය පිළිබඳ පවුලේ සැමට ආඩම්බර විය හැකි කදිම නවාතැනකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රයිම් ලෑන්ඩ්ස් (Prime Lands Ltd) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා මෙසේ පැවසීය:

"‘කලූරා’ යනු කළුතර නගරයේ ඉතිහාසයට එක්වන සුවිශේෂී සන්ධිස්ථානයක්. මොකද මෙය කළුතර ප්‍රදේශයේ ඉදිවන ප්‍රථම සංවෘත නේවාසික නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය (gated residential community project) වෙනවා. උසස් තත්ත්වයේ සහ දූරදර්ශීව සැලසුම් කළ ජීවන අවකාශයන් නිර්මාණය කිරීම සඳහා ප්‍රයිම් සතු කැපවීම විදහා දක්වමින්, මෙම සුවිශේෂී ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්. එමඟින් කලාපයේ නවීන නේවාසික ජීවන ප්‍රමිතිය ඉහළ නංවනවා. පවුල් රැසකට විශ්වාසයෙන් යුතුව පදිංචි වී වර්ධනය විය හැකි සුරක්ෂිත, මැනවින් සැලසුම් කළ වටපිටාවක් අප නිර්මාණය කර ඇති අතර, අපගේ නම්‍යශීලී ගෙවීම් සැලසුම් නිසා මෙවැනි ඉහළ ප්‍රමිතියකින් යුත් නිවසක් හිමිකර ගැනීම දැන් බොහෝ පවුල්වලට ඉතා පහසුවෙන් ළඟා කරගත හැකියි."

‘කලූරා’ ව්‍යාපෘතිය සමඟින්, ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group) දිවයින පුරා සුවිශේෂී නේවාසික ප්‍රජාවන් බිහි කරමින් සහ මිනිසුන්ගේ ජීවිත පොහොසත් කරමින් ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක දේපළ වෙළඳාම් සන්නාමය ලෙස සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://www.primelands.lk/house/KALOORA-KALUTARA/en

Related News

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.