logo

2026-06-19

පෝට් සිටි (Port City) හි විශාලතම දේපළ වෙළඳාම් ආයෝජකයා බවට පත්වෙමින්, ප්‍රයිම් සහ මෙල්වා මරීනා කලාපයේ තෙවන බිම් කොටසත් තමන් සතු කරගනී

ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ නොසැලෙන විශ්වාසය යළිත් තහවුරු කරමින්, ප්‍රයිම් (Prime) සහ මෙල්වා (Melwa) සමාගම් පෝට් සිටි කොළඹ (Port City Colombo) මරීනා කලාපයේ (Marina Area) පිහිටි, ඉහළම ඉල්ලුමක් පවතින තෙවන බිම් කොටස ද මිලදී ගනිමින් පෝට් සිටි හි විශාලතම දේපළ වෙළඳාම් ආයෝජකයා ලෙස තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගෙන ඇත. බිම් කොටස් අංක 1-02-03 යටතේ අක්කර 6කට ආසන්න භූමි ප්‍රමාණයක විහිදෙන මෙම නවතම මිලදී ගැනීමත් සමඟ ඔවුන් සතු සමස්ත ඉඩම් ප්‍රමාණය ආසන්න වශයෙන් අක්කර 16ක් දක්වා ඉහළ යන අතර, එමඟින් ඔවුන් පෝට් සිටි පරිශ්‍රය තුළ විශාලතම දේපළ වෙළඳාම් ආයෝජකයා බවට පත්වේ.

අලුතින් අත්පත් කරගත් මෙම බිම් කොටස සුඛෝපභෝගී නිවාස, වාණිජ අවකාශයන් සහ සිල්ලර වෙළඳ සංකීර්ණවලින් (retail offerings) සමන්විත සුවිශේෂී මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් (mixed-use development) ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. මීටර් 150ක් දක්වා උසින් සහ මහල් 42කින් යුත් ගොඩනැඟිලි ඉදිකිරීමේ හැකියාව පවතින මෙම ව්‍යාපෘතිය, මරීනා කලාපය තුළ ඉදිරියේදී සිදුවන වඩාත්ම සුවිශේෂී සංවර්ධන කටයුත්තක් වනු ඇත.

මෙම ආයෝජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ (Prime Group) සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහතා මෙසේ පැවසීය:

"Prime Marina ව්‍යාපෘතිය ලැබූ ඉහළ සාර්ථකත්වය, පෝට් සිටි කොළඹ පරිශ්‍රය තුළ අපගේ ආයෝජන තවදුරටත් පුළුල් කිරීමට අපට විශාල විශ්වාසයක් ලබා දුන්නා. පෝට් සිටි හි විශාලතම දේපළ වෙළඳාම් ආයෝජකයා බවට පත්වීම සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, එයින් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ අප සතු විශ්වාසයයි. අපගේ අරමුණ වන්නේ රටේ සැබෑ විභවය ලොවට විදහා දක්වන සුවිශේෂී සංවර්ධන ව්‍යාපෘති හරහා ශ්‍රී ලාංකේය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට රැගෙන යාමයි."

පෝට් සිටි කොළඹ පරිශ්‍රයේ උපායමාර්ගික ආයෝජන තුනක් සාර්ථකව තහවුරු කර ගනිමින්, ප්‍රයිම් සහ මෙල්වා සමාගම් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පරිවර්තනයකට නායකත්වය දෙන අතරම, ශ්‍රී ලංකාව ගෝලීය දේපළ ආයෝජන සඳහා ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ස්ථාපිත කිරීමට අඛණ්ඩව දායක වේ.

දේශීය මෙන්ම ජාත්‍යන්තර ගැනුම්කරුවන්ගේ පෙර නොවූ විරූ විශ්වාසය සනාථ කරමින්, ලෝක මට්ටමේ දියත් කිරීමක් සහ වාර්තාගත විකුණුම් සමඟින් 'Prime Marina' ලැබූ අතිමහත් සාර්ථකත්වයෙන් පසුව, ප්‍රයිම් සහ මෙල්වා සමාගම් පෝට් සිටි හි පිහිටි කොළඹ වඩාත්ම සුවිශේෂී වෙරළ තීරයෙන් තවත් උපායමාර්ගික බිම් කොටසක් තමන් සතු කර ගනිමින් තම ව්‍යාපෘති සීමාවන් වේගයෙන් පුළුල් කර ඇත. මෙම තීරණාත්මක පියවර මඟින් ඔවුන්ගේ පැහැදිලි දූරදර්ශී දැක්ම තවදුරටත් ශක්තිමත් කරයි: එනම්, මෙම දිවයින තුළ නවතම මරීනා ජීවන රටාවක් (marina living) බිහිවන විට, ශ්‍රී ලංකාව ඩුබායි, සිංගප්පූරුව සහ හොංකොං වැනි ගෝලීය සන්නාමයන් සමඟ එක පෙළට තැබීමයි.

Related News

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.