logo

2026-03-25

ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමෙන් YOLO වෙත ඇමරිකානු ඩොලර් මිලියන 52.5 ක ආයෝජනයක් සමඟ ආයෝජන මණ්ඩල අනුමැතිය. ප්‍රයිම් YOLO සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 52.5 ක ආයෝජනයක්; ආයෝජන මණ්ඩල අනුමැතියත් ලැබෙයි.

ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගමේ සුවිශේෂී ව්‍යාපෘතියක් වන YOLO සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බව ඔවුන් ආඩම්බරයෙන් නිවේදනය කර සිටියි. මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වීමට, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ විශිෂ්ට නාගරික ආකර්ෂණයක් බවට පත්වීමට තිබෙන හැකියාව ආයෝජන මණ්ඩලය විසින් හඳුනාගැනීම අනුව, YOLO ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් බවට පත්ව තිබේ.


මෙම සමඟ, ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) අතර ඇමරිකානු ඩොලර් මිලියන 52.5 ක ආයෝජන ගිවිසුමක් අත්සන් කර ඇති අතර, එමඟින් සමූහයේ ශක්තිමත් මූල්‍ය තත්ත්වය, සමාගම තුළ පවතින ශක්තිමත් පාලන ප්‍රමිතීන් සහ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් අංශය ශක්තිමත් කිරීම සඳහා ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම දක්වන දිගුකාලීන කැපවීම පිළිබිඹු වෙයි.


කිරිල්ලවත්ත, මාකෝළ ප්‍රදේශයේ පිහිටා තිබෙන ප්‍රයිම් ලෑන්ඩ්ස් හි YOLO නිවාස සංකීර්ණය, උසස් මට්ටමේ නාගරික ජීවන රටාවක් යනු කුමක්දැයි අර්ථකථනය කිරීම සඳහාම නිර්මාණය කර ඇති නේවාසික සංවර්ධන ව්‍යාපෘතියක් වෙයි. කඩවත අධිවේගී මාර්ග පිවිසුමේ සිට මිනිත්තු 5 ක දුරකින් පිහිටා තිබෙන YOLO නිවාස සංකීර්ණයට, මහනුවර, කුරුණෑගල, ගාල්ල, මාතර සහ හම්බන්තොට ඇතුළු ප්‍රධාන නගර වෙත පැය එකහමාරක් දෙකක් අතර කාලයකින් බාධාවකින් තොරව ළඟා වීමට හැකියාව තිබේ. එමෙන්ම මිනිත්තු 30 කටත් අඩු කාලයකින් කොළඹ නගරය වෙත පිවිසීමේ හැකියාව ද පවතී. ගංවතුර සහ නායයෑම් යන ස්වභාවික ව්‍යසනයන්ගෙන් ආරක්ෂාව සහිත කලාපයක පිහිටා තිබෙන YOLO සංකීර්ණය, අක්කර 13 ක භූමි ප්‍රමාණයක විහිදී තිබේ. මෙම ව්‍යාපෘතිය ගොඩනැගිලි 46 ක් තුළ පිහිටි මහල් නිවාස 476 කින් සමන්විත වෙයි. මෙම එක් එක් ගොඩනැගිල්ලක බාබකියු පහසුකම් සහ Dining පහසුකම් ද සහිත වර්ග අඩි 2,000 ක ප්‍රමාණයේ rooftop garden එකක් පවතී.


මෙම ව්‍යාපෘතිය මගින් නිදන කාමර 2 ක් හෝ 3 ක් වන මහල් නිවාස පිරිනමන අතර, YOLO නිවැසියන්ගේ පාවිච්චිය සඳහාම වෙන්ව ඇති, වර්ග අඩි 100,000 කට අධික ඉඩක විහිදුණු ඉහළ මට්ටමේ පහසුකම් වලින් ද මෙම සංකීර්ණය සමන්විත වෙයි. මංතීරු 3 ක bowling alley, සිනමා ශාලාවක්, coffee shop, co-working අවකාශය සහ business lounge, karaoke club, කාසි යොදා ක්‍රියාත්මක කළ හැකි රෙදි සෝදන යන්ත්‍ර අංගනය, හුරුබුහුටි ප්‍රමාණයේ සුපිරි වෙළඳසැල, බාර් එකක් සහිත පිහිනුම් තටාකය, අංගසම්පූර්ණ gym එක සහ CrossFit gym එක, paddle court සහිත ක්‍රීඩා පහසුකම්, jogging path සහ උත්සව ශාලාව මෙම පහසුකම් අතර තිබේ.


YOLO ව්‍යාපෘතියේ ඉදිකිරීම්, නියමිත කාලසටහනට අනුව සිදුවෙමින් පවතින අතර, ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් පොරොන්දු වී තිබූ පහසුකම්, පිරිවිතර සහ ඉදිකිරීම් කාල රාමුව සපුරාලීම සඳහා, සැලසුම් කර ඇති ආකාරයටම සියලුම නිවාස ඒකක ඉදිවෙමින් පවතී. 2024 දී සැලසුම් අඳින ලද ප්‍රයිම් සමාගමේ YOLO සංකීර්ණය, අනාගතයට ගැළපෙන අති නවීන ගෘහ නිර්මාණ සැලසුම් යුතුව නිර්මාණය වන අතර, නවෝත්පාදනීය, නවීන පහසුකම් සමඟ සුසංයෝග වෙමින්, උසස් නාගරික ජීවිතයක් ලබා දෙනු ඇත.


ගෘහ නිර්මාණ ශිල්පීය ආකර්ෂණය සහ සිත් ඇදගන්නා සුළු ජීවන රටාවක් ලබාදීමට ඇති හැකියාවට අමතරව, ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් නිර්මාණය කරන YOLO ව්‍යාපෘතිය තුළින්, ඉදිකිරීම්, දේපළ කළමනාකරණ, නඩත්තු සහ සේවා අංශයන් සඳහා සෘජු සහ වක්‍ර රැකියා ඉහළ ප්‍රමාණයක් උත්පාදනය කරමින්, ජාතික ආර්ථික වර්ධනයට දායකත්වයක් ලබාදීමේ අරමුණ ද ඉටු වෙයි. ප්‍රධාන නගර හා මනා සම්බන්ධතාවයක් සහිතව, විශිෂ්ට යටිතල පහසුකම් සමඟින් සංවර්ධනය වෙමින් පවතින කලාපයක පිහිටා තිබෙන කිරිල්ලවත්ත නගරය තුළ ඉදිවන YOLO ව්‍යාපෘතිය, දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින් හට ආකර්ෂණීය ආයෝජන අවස්ථාවක්ද ලබා දෙනු ඇත.


YOLO ව්‍යාපෘතියේ නිවාස ඒකක රුපියල් මිලියන 35 සිට ආරම්භ වෙයි. එහිදී මාසිකව එයින් 1% ක මුදලක් පමණක් ආයෝජනය කර අත්පත් කර ගත හැකි, 100% ක පොලී රහිත ගෙවීම් සැලසුමක් ද ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් හඳුන්වා දී තිබේ. දිනෙන් දින ඉහළ යන දේපළ වටිනාකම සහ නිවාස කුලියට ලබාදීමට ඇති හැකියාවද සලකමින් මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර ඇති අතර, මෙම නිවාස සඳහා ආයෝජනය කරන්නන්ට තම ආයෝජනය සඳහා 100% ක් දක්වාම ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව තිබේ. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් අංශය ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා ලබා දෙන දායකත්වයත්, ආයෝජනයන් සඳහා මෙන්ම නවීන ජීවන රටාවන් සඳහා ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන කීර්තිය වැඩි වර්ධනය කිරීම සඳහා ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම දක්වන කැපවීමත්, YOLO ව්‍යාපෘතියෙන් පිළිබිඹු වෙයි.


ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම ගැන:

ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම ස්ථාපිත දේපළ වෙළඳාම් ව්‍යාපාර සමූහයක් වන අතර, ඔවුන් විසින් ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනයට සහ ආර්ථික ප්‍රගතියට වසර 30ක් පුරාවට සිය දායකත්වය ලබාදී ඇත. පසුගිය දශක තුන තුළ, ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් ශ්‍රී ලංකාව පුරා නවීන ජීවන රටාවන් සහ වෘත්තීන් සඳහා ඔබින පරිසරයන් හැඩගස්වමින්, නේවාසික, වාණිජ සහ ජීවන රටා යන අංශයන් හරහා, නිවාස සහ මහල් නිවාස සංවර්ධන ව්‍යාපෘතීන් 70කට වැඩි ප්‍රමාණයක් සහ ඉඩම් සංවර්ධන වැඩසටහන් 10,000කට අධික ප්‍රමාණයක් දායාද කර තිබේ. දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයෙන් ඔබ්බට යමින්, ජාතිය ගොඩනැගීම, සමාජ තිරසාරභාවය සහ සමාජ වගකීම සඳහා වන දැඩි කැපවීමකින් ප්‍රයිම් ලෑන්ඩ්ස් මෙහෙයවෙයි. ඔවුන් විසින් ප්‍රජාවේ යහපැවැත්ම, තීරණාත්මක යටිතල පහසුකම්, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය සඳහා ඇප උපකාර ලබා දෙන වැඩසටහන් වෙත නිරන්තරයෙන්ම ආයෝජනය කරමින්, ව්‍යාපාරික ලෝකයෙන් ඔබ්බට තමන්ගේ සමාජ බලපෑම පුළුල් කරමින් සිටී.


ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමම් YOLO නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය, මේ වන විට 'ආයෝජන මණ්ඩලයේ (BOI) අනුමැතිය හිමි ව්‍යාපෘතියකි' යන තත්ත්වය හිමි කර ගෙන තිබේ. (වමේ සිට දකුණට) එම ආයෝජන මණ්ඩල සහතිකය ලබා ගැනීමේ අවස්ථාවට සහභාගී වූ සීමාසහිත ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂ අනුර පතිරණ, සීමාසහිත ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්මදෙණිය, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සුජීව මුදලිගේ සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා ආචාර්ය රුවිනි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්.

Related News

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.