logo

2025-08-22

Prime Melwa Formally Commences Asia’s Global Marina-Front Architectural Masterpiece

ප්‍රමුඛ පෙළේ ගෝලීය නේවාසික වෙරළබඩ ගමනාන්තයක් ලෙස සංවර්ධනය වන කොළඹ වරාය නගරයේ (Port City Colombo), ලෝක මට්ටමේ මරීනා ජීවන රටා අත්දැකීම (marina living experience) නිල වශයෙන් ආරම්භ කිරීමට ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පුද්) සමාගම [Prime Melwa Port City (Pvt) Ltd] පියවර ගෙන ඇත. ආසියාවේ ගෝලීය මරීනා වෙරළබඩ විශිෂ්ට කෘතිය (Asia’s Global Marina Front Masterpiece) ලෙස හඳුන්වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ සුඛෝපභෝගී වෙරළබඩ ජීවන රටාව නව මානයකට ඔසවා තබන අතරම ගෝලීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ඉහළ ස්ථානයකට රැගෙන යාමට සමත්වනු ඇත.

ගෝලීය ආභාසය ලත් මෙම දේපළ ව්‍යාපෘතියේ නිල ආරම්භය සනිටුහන් කරන්නේ අපගේ දුරදක්නා දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයකි. කොළඹ වරාය නගරය තුළ ඇති වඩාත්ම කීර්තිමත් පරිශ්‍රයක පිහිටුවා ඇති මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, අසමසම මරීනා, වෙරළබඩ මෙන්ම මහා සාගරයට මුහුණලා පිහිටි සුඛෝපභෝගී ජීවන රටාවක් අත්විඳීමට ලැබෙන ඉතා දුර්ලභ අවස්ථාවකි.

ගෝලීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වටිනාකම සැමවිටම තීරණය වන්නේ සදාකාලික මූලධර්ම තුනක් මතය: එනම් පිහිටීම, ගෘහ නිර්මාණ ශිල්පය සහ සංවර්ධකයා ය. මරීනා කලාපය සහ ඉන්දියන් සාගරය දෙසට මුහුණලා ඇති මෙම ව්‍යාපෘතිය, සිත් ඇදගන්නාසුළු පරිදර්ශක දර්ශන, ඉහළ අගය අගය කිරීමක් (value appreciation) සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කරන ලද අසමසම ජීවන රටා අත්දැකීමක් ලබා දෙයි. දකුණු ආසියාවේ වඩාත්ම අභිලාෂකාමී සහ ජාත්‍යන්තරව පිළිගත් අනාගත නගරය වන කොළඹ වරාය නගරය තුළ පිහිටා ඇති ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි ව්‍යාපෘතිය, බාධාවකින් තොර සාගර ක්ෂිතිජයක් සහිත සුවිශේෂී මරීනා වෙරළබඩ පිහිටීමක් හිමිකර ගනී. මෙම සුවිශේෂී පිහිටීම ව්‍යාපෘතිය සැබවින්ම සුවිශේෂී සංවර්ධනයක් බවට පත් කරයි.

මෙම ව්‍යාපෘතිය සැබෑ ගෘහ නිර්මාණ ශිල්පීය විශිෂ්ට කෘතියක් බවට පත් කරන්නේ එහි නිර්මාණකරණයයි. ජාත්‍යන්තරව කීර්තිමත් ‘P&T Singapore’ ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයේ සැලසුම්කරණයෙන් හැඩවන මෙම ව්‍යාපෘතිය, මෙතෙක් කලාපයේ අත්නොවිඳි ඉහළ මට්ටමක නවීනත්වයක්, අලංකාරයක් සහ පිරිපහදු කළ වෙරළබඩ ජීවන රටාවක් හඳුන්වා දෙයි. සෑම අංගයක්ම කාලීන ගෘහ නිර්මාණ ශිල්පීය විශිෂ්ටත්වය, සමකාලීන සුඛෝපභෝගීත්වය සහ ලෝක මට්ටමේ ප්‍රමිතීන්ට ගැලපෙන පරිදි ඉතා කල්පනාකාරීව නිමවා ඇත.

ව්‍යාපෘතියේ සංවර්ධකයා යනු ශක්තිය, විශ්වාසය සහ උරුමයේ සංකේතයකි. වසර 30කට වැඩි විශිෂ්ටත්වයක් සහිත ශ්‍රී ලංකාවේ නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැබෑ නායකයා වන ප්‍රයිම් සමූහය (Prime Group), මෙරට ශක්තිමත්ම සහ විශ්වාසදායකම ව්‍යාපාරික ජාලයක් වන මෙල්වා (Melwa) සමඟ අත්වැල් බැඳගෙන ශ්‍රී ලංකාවේ සහ ඉන් ඔබ්බට නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කිරීමට සූදානම් වේ.

මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනී සඳමිණි පෙරේරා මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය, "ගෝලීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ, පිහිටීම සැමවිටම තීරණාත්මක සාධකය වී තිබෙනවා. කොළඹ වරාය නගරය කියන්නේ දකුණු ආසියාවේ වඩාත්ම අභිලාෂකාමී ගමනාන්තයයි. වරාය නගරය තුළ ඔබ සිටින්නේ කුමන ස්ථානයකද යන්න ඉතා වැදගත්. මෙහි වඩාත්ම කීර්තිමත්, ඉහළම ඉල්ලුමක් ඇති, වැඩිම වටිනාකමක් එකතු වන සහ දුර්ලභම ලිපිනය නියෝජනය කරන්නේ මරීනා කලාපයයි (Marina Zone). අපගේ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය, මරීනා කලාපයට, වෙරළ තීරයට සහ ඉන්දියන් සාගරයට මුහුණලා ඇති එකම නේවාසික ව්‍යාපෘතිය වන බැවින්, එය උසස් ජීවන රටාවක් මෙන්ම කල්පවත්නා වටිනාකමක් ලබාදෙන සැබවින්ම සුවිශේෂී ජීවන රටාවක් සහ ආයෝජන අවස්ථාවක් උදාකර දෙනවා."

මෙම ව්‍යාපෘතියේ විකුණුම් කටයුතු දැන් නිල වශයෙන් ආරම්භ කර ඇති අතර, දකුණු ආසියාවේ වඩාත්ම කැමතිම පරිශ්‍රයකින් තම නිවහන වෙන්කරවා ගැනීමට ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි ආයතනය බුද්ධිමත් ගැනුම්කරුවන්ට සහ ආයෝජකයින්ට ආරාධනා කර සිටියි. ශ්‍රී ලංකාවේ දියුණු වන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය කෙරෙහි ආයෝජකයින් තුළ ඇති දැඩි විශ්වාසය මෙම ව්‍යාපෘතිය මගින් මනාව පෙන්නුම් කරන අතර, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තරයට අපනයනය කිරීමේ ප්‍රයිම් සමූහයේ දැක්ම තවදුරටත් ශක්තිමත් කරයි.

Related News

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.