logo

2025-12-19

සමස්ථ දිවයිනටම බලපෑ 'ඩිට්වා' (Ditwah) සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ පොලිස් පවුල්වල දරුවන් වෙනුවෙන් සිය සහයෝගය පළ කිරීමට ප්‍රයිම් සමූහය (Prime Group) ඉදිරිපත් වෙයි.

'ඩිට්වා' (Ditwah) සුළි කුණාටුවේ බලපෑම හමුවේ, ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් දිවයින පුරා ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළද, ඔවුන්ගේම පවුල්වල සාමාජිකයින් රැසකට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය. මෙම නිහඬ කැපවීම හඳුනාගත් ප්‍රයිම් සමූහය (Prime Group), පීඩාවට පත් වූ පොලිස් පවුල්වල දරුවන්ට අත්‍යවශ්‍ය අධ්‍යාපනික උපකරණ ලබා දෙමින් සහ ඔවුන් මුහුණ දුන් අභියෝග මධ්‍යයේ වුවද ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සහතික කරමින් ජාතික මට්ටමේ වැඩසටහනක් දියත් කරන ලදී.

'ඩිට්වා' සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ දරුවන්ට විශ්වාසයෙන් හා අභිමානයෙන් යුතුව තම අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමට උපකාර කරමින් ප්‍රයිම් සමූහය විසින් අත්‍යවශ්‍ය පාසල් උපකරණ ලබා දීමට පියවර ගන්නා ලදී. වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන මඟින් රුපියල් මිලියන 10ක ආයෝජනයකින් ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සිසුන් 1,000කට අධික පිරිසකට මෙම සහන සැලසීමට හැකි විය.

මෙම ආධාර උපකරණ නිල වශයෙන් භාරදීම ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේදී පැවැත්වුණු උත්සවයකදී සිදුකෙරුණු අතර, ඒ සඳහා ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස්පතිතුමා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් පවුල් සුබසාධන සංගමයේ සහ පොලිස් සේවා වනිතා ඒකකයේ නියෝජිතයින් මෙන්ම පොලිස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ. මෙහිදී ප්‍රයිම් සමූහය නියෝජනය කරමින් එහි සභාපති, සම-සභාපතිනී, ප්‍රධාන විධායක නිලධාරී (CEO) සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී වූහ. මෙම වැඩසටහන අරුණ ප්‍රසාද් ලේකම්ගේ මහතා සහ මහාචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතාගේ සම්බන්ධීකරණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනී සඳමිණි පෙරේරා මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය, "අපේ රට වෙනුවෙන් කළ අමිල සේවයට කෘතඥතාව පළ කිරීමක් ලෙස පොලිස් පවුල් සමඟ අත්වැල් බැඳගැනීමට සහ ඔවුන්ගේ දරුවන්ට සහයෝගය දැක්වීමට ලැබීම ප්‍රයිම් සමූහයට මහත් ගෞරවයක්. 'ඩිට්වා' සුළි කුණාටුව පැවති අවස්ථාවේදී තමන්ගේම පවුල්වලට සිදු වූ අලාභහානි සහ දුෂ්කරතා මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් නොසැලෙන කැපවීමෙන් යුතුව රට වෙනුවෙන් සිය සේවය අඛණ්ඩව ඉටු කළා. වඩාත්ම අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවද ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔවුන් දැක්වූ ඒ කැපවීම අපගේ ඉහළම ගෞරවයට පාත්‍ර විය යුතුයි."

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වසර 30ක ප්‍රමුඛත්වය සමරන ප්‍රයිම් සමූහය, හුදෙක් ව්‍යාපාරික සීමාවන්ගෙන් ඔබ්බට යමින් ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීමට සහ ජාතිය වෙනුවෙන් සහයෝගය දැක්වීමට ඇති කැපවීම අඛණ්ඩව තහවුරු කරයි. මෙම වැඩසටහන මඟින් පවුල් වෙනුවෙන් කල්පවත්නා වටිනාකමක් නිර්මාණය කිරීම සහ රට වෙනුවෙන් සේවය කරන පිරිස් වෙත අවශ්‍යතාවකදී පිහිට වීම පිළිබඳ ප්‍රයිම් සමූහය සතු දිගුකාලීන විශ්වාසය මනාව පිළිඹිබු කරයි.

Related News

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.