ආරම්භක මිල
ප්‍රයිම් රෙසිඩෙන්සීස් පීඑල්සී (Prime Residencies PLC) සමාගම විසින් මීගමුව හෝටල් පාරේ (Hotel Road) පිහිටි 'J'Adore Negombo' ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ රන්වන් වෙරළ තීරයේ සුඛෝපභෝගී ජීවන රටාව අලුතින්ම අර්ථකථනය කරන, වෙරළාශ්‍රිත ප්‍රමුඛ පෙළේ සේවා සපයන සුපිරි මහල් නිවාස (Serviced Apartments) සංකීර්ණයකි. සංචාරකයින් සහ ප්‍රදේශවාසීන් අතර බෙහෙවින් ජනප්‍රිය මීගමුව හෝටල් පාර, එහි ඇති ආකර්ෂණීය බව සහ පහසුකම් නිසාම සුවිශේෂී ප්‍රදේශයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි.
පර්චස් 229.2 ක අලංකාර වෙරළ තීරයක ඉදිවන මෙම සුවිශේෂී නිවාස සංකීර්ණය 'T' හැඩැති සුවිශේෂී වාස්තු විද්‍යාත්මක සැලසුමකින් යුක්තය. මෙහි මහල් 25 කින් සමන්විත White සහ Emerald නමින් කුළුණු දෙකක් ඇති අතර, එහි අලංකාරය සහ සුවපහසුව මනාව ගැලපෙන පරිදි ඉතා සියුම් ලෙස නිර්මාණය කළ මහල් නිවාස 333 ක් ඇතුළත් වේ.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට විනාඩි 15 ක කෙටි දුරකින් පිහිටා ඇති J'Adore Negombo, ශ්‍රී ලංකාවේ දියුණු වන සංචාරක කලාපය තුළ අසමසම ආයෝජන අවස්ථාවක් උදාකර දෙයි. මෙම නිවාස සංකීර්ණය නිදන කාමර එකක් සහ දෙකක් සහිත නිවාසවලින් සමන්විත වන අතර, වඩාත් ඉඩකඩ ඇති විශාල නිවාස සඳහා 'Dual-key' (ද්විත්ව යතුරු) පහසුකම ද ඇතුළත් වේ.
මෙහි ඇති නිදන කාමර තුනකින් යුත් 'White Presidential Suites' නිවාස, වර්ග අඩි 2,189 ක ඉතා ඉඩකඩ සහිත අති සුඛෝපභෝගී නිවාස වන අතර, එවැනි සුවිශේෂී නිවාස ලබාගත හැක්කේ 9 ක් පමණි. සම්පූර්ණයෙන්ම උපකරණ සවිකළ මුළුතැන්ගෙවල්, ස්මාර්ට් ලොක් (Smart Locks), වායුසමීකරණ පද්ධති සහ පෞද්ගලික බැල්කනි (Terraces) මෙයට ඇතුළත් වේ. එමෙන්ම White Presidential Suites නිවාස සඳහා වඩාත් සුඛෝපභෝගී නිමාවක් ලබාදීමට උසස් තත්ත්වයේ ලී බිම් (Timber Flooring) යොදා ඇත.
ලෝක මට්ටමේ පහසුකම් රැසක් J'Adore වෙතින් පිරිනැමේ:
25 වැනි මහලේ පිහිටි Beach Club: ඉන්දියන් සාගරය දෙස බලා සිටිය හැකි පරිදි නිර්මාණය කළ Infinity සුවිශේෂී පිහිනුම් තටාකය.
ශාරීරික සුවතා සහ සුවසේවා මධ්‍යස්ථානය: නවීනතම උපකරණවලින් සමන්විත ව්‍යායාම ශාලාව.
විශේෂිත සේවාවන්: Concierge (පාරිභෝගික සහායක) සහ Butler (පෞද්ගලික සේවක) සේවාවන්.
වෙරළ තීරයේ පහසුකම්: විවේකීව සිටිය හැකි ආසන (Lounges), තුවා සහ කුඩ ඇතුළු සේවාවන්.
ආරක්ෂාව: පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක සහ කැමරා නිරීක්ෂණ පද්ධති.
ආයෝජකයින්ට පහසුවෙන් දේපළ මිලදී ගත හැකි වන පරිදි ප්‍රයිම් රෙසිඩෙන්සීස් සමාගම විසින් සුවිශේෂී ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දී ඇත. මෙයට මසකට 1% බැගින් වූ නම්‍යශීලී වාරික ගෙවීමේ ක්‍රමයක් ඇතුළත් වන බැවින් ආයෝජනය කිරීම වඩාත් පහසු වේ. මීට අමතරව, ආයෝජකයින්ට දිගුකාලීනව ඉහළ ප්‍රාග්ධන ලාභයක් (Capital Gains) ද මෙයින් සහතික කෙරේ.
මෙම ප්‍රදේශයේ ඇති එකම ප්‍රමුඛ පෙළේ සේවා සපයන සුපිරි මහල් නිවාස සංකීර්ණය මෙය වන බැවින්, අවට ඇති සුඛෝපභෝගී හෝටල්වලට වඩා ඉතා තරඟකාරී මිල ගණන් යටතේ සුවිශේෂී පහසුකම් සහ සේවාවන් රැසක් ලබා ගැනීමට මෙහිදී අවස්ථාව ලැබේ. එමෙන්ම ආයෝජකයින් සඳහා 11% කට වඩා වැඩි අපේක්ෂිත කුලී ආදායම් ප්‍රතිලාභයක් (Rental Yield) සහ 80% ක අපේක්ෂිත ආයෝජන ප්‍රතිලාභයක් (ROI) හිමිවනු ඇතැයි ගණන් බලා ඇත.
වැදගත්ම කරුණ නම්, ව්‍යාපෘතියේ පාදම් සකස් කිරීමේ (Piling work) කටයුතු 100% ක්ම සාර්ථකව අවසන් කර ඇති අතර, ගොඩනැගිල්ලේ ඉහළ ව්‍යුහය (Superstructure) ඉදිකිරීමේ කටයුතු 2025 මුල් භාගයේදී ආරම්භ කිරීමට නියමිතව තිබීමයි.
ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයකින් වටිනා වෙරළාශ්‍රිත දේපළක් හිමිකර ගැනීමට ලැබෙන මෙම සුවිශේෂී අවස්ථාව, වෙරළබඩ සුඛෝපභෝගී ජීවන රටාව අත්විඳීමට කැමති බුද්ධිමත් ආයෝජකයින්ට සහ පදිංචිකරුවන්ට J'Adore Negombo වෙතින් විවෘත වේ.
මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වා දෙන විප්ලවීය ගෙවීම් ක්‍රමයකි. (Prime 1% Payment Plan)
වෙන්කරවා ගැනීමට: 25%ක් පමණි
මාසික වාරික: වාරික 36ක් පුරා 1% බැගින්
විශේෂ ගෙවීම් (Bullet payments): සෑම 12 වන මාසයකදීම 7.5% බැගින් අවස්ථා 2කදී
නිවස භාරදීමේදී: 27%ක්
අත් පත්‍රිකාව
අපි මෙම සංවර්ධිත ඉඩම් කැබලි ඔබ වෙත නිර්දේශ කරමු. ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙනම ඉඩම සොයා ගැනීමට අපි ඔබට උදවු කරන්නෙමු!
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.