2025-09-11
ශ්‍රී ලංකාවේ වැඩිම
සම්මාන ගණනකින් පිදුම් ලැබූ දේපළ වෙළඳාම් සමාගම වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය
පසුගියදා තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය. ඒ, නූතන
අලෙවිකරණයේ පියා ලෙස සැලකෙන කීර්තිමත් මහාචාර්ය ෆිලිප් කොට්ලර් විසින් සංස්කරණය
කරනු ලබන ‘Essentials
of Modern Marketing (EOMM)’ හි ප්‍රථම ශ්‍රී ලාංකික සංස්කරණයට ඇතුළත් වූ එකම දේපළ වෙළඳාම් සන්නාමය බවට
පත් වීමත් සමගිනි. මෙය ප්‍රයිම් සමූහ ව්‍යාපාරය වෙත ලැබුණු සුවිශේෂී ජාත්‍යන්තර
පිළිගැනීමක් ලෙස හැඳින්විය හැකි අතර, එමගින් ප්‍රයිම් සන්නාමය ශ්‍රී ලංකාවේ දේපළ
ක්ෂේත්‍රයේ පමණක් නොව සමස්ත ආර්ථිකයේ අනාගතය හැඩගස්වන පුරෝගාමී සන්නාම අතරට එක් වී
තිබේ.
ප්‍රයිම් සමූහය යනු දශක 3 ක කීර්තිමත් ඉතිහාසයක් ඇති, මෙරට දේපළ වෙළඳාම්
ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සමාගමකි. ආරම්භයේ පටන්ම එය එම ක්ෂේත්‍රයේ උන්නතිය
වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කර තිබේ. නවෝත්පාදනය මෙන්ම සාර්ථක අලෙවිකරණ ක්‍රමවේදයන්
හේතුවෙන් පසුගිය වසර 30 තුළ මෙබඳු සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් කිරීමට ප්‍රයිම්
සමූහයට හැකියාව ලැබිණි. ‘Essentials of
Modern Marketing (EOMM)’ හි ප්‍රථම ශ්‍රී ලංකා සංස්කරණයට ඇතුළත් වීමත්
සමග මින් ඉදිරියට ප්‍රයිම් සමූහයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානයද යොමු
වනු ඇත.
“මෙය අප ලැබූ සුවිශේෂී ගෞරවයක්. එය තුළින් අපගේ සන්නාමයේ ශක්තිය මැනැවින්
පිළිබිඹු වනවා. අප මේ ක්ෂේත්‍රය තුළ අන් අය අනුකරණය කරනවා වෙනුවට, නව ප්‍රවණතා නිර්මාණය
කළ සමාගමක්. පසුගිය දශක තුනක කාලය තුළ අප Prime Premier Initiative, විශේෂ ක්ෂණික
ඇමතුම් අංකයක් 1322 සහ පෙරළිකාරී ගෙවීම් ක්‍රම ඇතුළු
නවෝත්පාදන රැසක් මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට හඳුන්වා දී තිබෙනවා. මේ සියල්ල, ශ්‍රී
ලාංකිකයන් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය දකින හා එය සමග ගනුදෙනු කරන ආකාරය වෙනස් කළ
හඳුන්වා දීම් ලෙස හැඳින්විය හැකියි. අප හුදෙක් නිවාස ඉදිකරන සමාගමක් නොවේ. අප ප්‍රජාවන්,
අත්දැකීම් සහ දීර්ඝකාලීන උරුමයන් නිර්මාණය කරන සමාගමක්. මේ ආකාරයට ලොව ප්‍රමුඛතම
අලෙවිකරණ ප්‍රකාශනයකට ඇතුළත් වීමට සමත් වීම, අලෙවිකරණයේ විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය
උදෙසා අප තුළ ඇති කැපවීම තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවට කිසිදු සැකයක් නෑ.” ප්‍රයිම්
සමූහ ව්‍යාපාරයේ සම-සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවාය.
‘Essentials of
Modern Marketing’ කෘතියට ඇතුළත් වීම, සන්නාමයකට ලබාගත හැකි
ඉහළම තලයේ පිළිගැනීමක් ලෙස සැලකේ. මෙය නවෝත්පාදනය සහ පාරිභෝගික-කේන්ද්‍රීයත්වය සම්බන්ධයෙන්
ප්‍රයිම් සමූහය දක්වන උනන්දුවට මෙන්ම, ශ්‍රී ලාංකිකයන් ජීවත් වන ආකාරය සහ ඔවුන්
ආයෝජනය කරන ආකාරය වෙනස් කිරීම සඳහා එම සමූහය දරන උත්සාහයේ සාර්ථකත්වයට මනා
සාක්ෂියකි. දශක තුනක් පුරා ගොඩනංවා ගත් පාරිභෝගික විශ්වාසය හේතුවෙන් මෙවැනි
පරිවර්තනීය යුග මෙහෙවරක නිරත වීමට ප්‍රයිම් සමූහයට හැකියාව ලැබී තිබේ.
Kotler Impact Inc. and Deyo Consultancy and Advisory එක් වී පසුගිය අගෝස්තු 22 දින කොළඹ Cinnamon Grand හෝටලයේදී ‘Essentials of Modern Marketing (EOMM)’ හි ප්‍රථම ශ්‍රී ලාංකික සංස්කරණය නිල වශයෙන් එළිදක්වන ලදි. කොට්ලර් විසින්
රටවල් මූලික කරගෙන සිදුකරන ‘Essentials of Modern Marketing’ ග්‍රන්ථ මාලාවේ සංස්කරණයක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් වන ප්‍රථම අවස්ථාව
මෙයයි.
‘Essentials of Modern Marketing’ යනු අලෙවිකරණ ක්ෂේත්‍රයේ සමකාලීන ප්‍රවණතා, ක්‍රමෝපායන් සහ සාර්ථකත්වයේ
පුවත් සාකච්ඡාවට ලක්කරන ප්‍රකාශන මාලාවකි. එහි නවතම සංස්කරණයත් සමග, සාර්ථක ව්‍යාපාර
සහ ව්‍යාපාරික ප්‍රජාවක් සහිත රටක් ලෙස ජාත්‍යන්තර තලය තුල සිය නාමය රන් අකුරින්
ලියවීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.
ප්‍රයිම් සමූහය පසුගිය වසර 30 ක කාලය තුළ දිවයින පුරා මහල් නිවාස ව්‍යාපෘති 45 කට අධික සංඛ්‍යාවක්, Villa ව්‍යාපෘති 30 කට අධික සංඛ්‍යාවක් සහ ඉඩම් සංවර්ධන ව්‍යාපෘති 10,000 කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇත. මේ සියල්ල මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ ප්‍රයිම් සමූහය අත්කරගෙන තිබෙන සාර්ථකත්වය මැනැවින් නිරූපණය කරයි. ‘Essentials of Modern Marketing’ හි ප්‍රථම ශ්‍රී ලාංකික සංස්කරණයට ඇතුළත් වීම, එම සාර්ථකත්වය ජාත්‍යන්තර තලයට රැගෙන යන ජයග්‍රහණයකි.
ඡායාරූපය (වමේ සිට)
Essentials of
Modern Marketing හි ප්‍රථම
ශ්‍රී ලාංකික සංස්කරණය එළිදැක්වීමේ උත්සවයේදී, ප්‍රයිම් සමූහයේ
සම-නිර්මාතෘ සහ සම-සභාපති සඳමිණි පෙරේරා, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නලින් අබේසේකර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව,
Deyo Brand Consultancy සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන
විධායක නිලධාරී මෙන්ම Kotler Impact සමාගමේ ශ්‍රී ලංකවේ සහ මාලදිවයින සඳහා නියෝජිත ඩෙන්සිල් පෙරේරා සහ ප්‍රයිම් සමූහයේ සම-නිර්මාතෘ සහ සම-සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ යන
මහත්ම මහත්මීන්
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම