logo

2025-05-07

වර්ල්ඩ් එකනොමික් මැගසින් සම්මාන උළෙලේදී (World Economic Magazine Awards USA) ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම "ශ්‍රී ලංකාවේ වඩාත්ම නව්‍යකරණී දේපළ වෙළඳාම් සංවර්ධකයා - 2025" ලෙස ඇගයීමට ලක් වෙයි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියා වන ප්‍රයිම් ලෑන්ඩ්ස් (Prime Lands) සමාගම, ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වුණු 7 වන වාර්ෂික වර්ල්ඩ් එකනොමික් මැගසින් සම්මාන උළෙලේදී (World Economic Magazine Awards 2025) "ශ්‍රී ලංකාවේ වඩාත්ම නව්‍යකරණී දේපළ වෙළඳාම් සංවර්ධකයා - 2025" (Most Innovative Property Developer – Sri Lanka 2025) ලෙස ඇගයීමට ලක්ව ඇත. මෙම කීර්තිමත් ජාත්‍යන්තර සම්මානය, පෙරළිකාර සංකල්ප, පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් සහ අතිනවීන සංවර්ධන ව්‍යාපෘති හරහා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය නැවත අර්ථකථනය කිරීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් සතු කැපවීම මනාව සනාථ කරයි.

දශක තුනකට අධික විශිෂ්ට ඉතිහාසයක් ඇති ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම, J'adore, YOLO, C'est la vie වැනි දුරදක්නා ව්‍යාපෘති, සුවිශේෂී ජීවන සංකල්ප සහ නව්‍ය මූල්‍ය විසඳුම් හඳුන්වා දෙමින් ක්ෂේත්‍රය තුළ නිරන්තරයෙන් නව ප්‍රමිතීන් පිහිටුවා ඇත. ගුණාත්මකභාවය, විනිවිදභාවය සහ පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් සමාගම දක්වන කැපවීම හේතුවෙන් ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වඩාත්ම විශ්වාසදායක නාමය බවට පත්වීමට එයට හැකි වී තිබේ.

මෙම ජාත්‍යන්තර ඇගයීම දිනා ගැනීම, ක්ෂේත්‍රය තුළ ප්‍රයිම් ලෑන්ඩ්ස් සතු නායකත්වය තවදුරටත් ශක්තිමත් කරන අතර, ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පහසුවෙන් ළඟා විය හැකි, ආයෝජනයට සුදුසු සහ අනාගතයට ගැළපෙන දේපළ පිරිනැමීමේ ඔවුන්ගේ අරමුණ තවදුරටත් තහවුරු කරයි. මතු පරපුර උදෙසා සුවිශේෂී ආයෝජන අවස්ථා සහ සිහින නිවහන් උරුම කර දෙමින්, මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවා ලෙස අනාගතය හැඩගැස්වීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් අඛණ්ඩව කටයුතු කරයි.

උපායමාර්ගිකව පිහිටා ඇති ඉඩම් කොටස්වල සිට සුඛෝපභෝගී නිවාස සහ මහල් නිවාස ව්‍යාපෘති දක්වා, මෙරට වඩාත්ම සුවිශේෂී දේපළ වෙළඳාම් ව්‍යාපෘති කිහිපයක්ම දියත් කිරීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම පියවර ගෙන ඇත. සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම සමාගමේ මූලික අගයන් වන විනිවිදභාවය, විශ්වාසය සහ සම්මුතියෙන් තොර උසස් ගුණාත්මකභාවය මත පදනම් වන අතර, එම සුවිශේෂී ලක්ෂණ හේතුවෙන් ප්‍රයිම් ලෑන්ඩ්ස් ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක දේපළ වෙළඳාම් සන්නාමය ලෙස කීර්තියක් අත්කර ගෙන සිටියි.

දුරදක්නා සංවර්ධන උපායමාර්ග ඔස්සේ ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් අඛණ්ඩව ඉහළ නංවන අතරම, සියලුම ශ්‍රී ලාංකිකයින්ට නිවාස හිමිකාරිත්වය පහසුවෙන් ළඟා කර දීමේ අරමුණ මෙම සම්මානය මඟින් නැවතත් සනාථ කෙරේ. වර්ල්ඩ් එකනොමික් මැගසින් සම්මාන උළෙල මඟින් පිරිනමන ලද මෙම ජාත්‍යන්තර ඇගයීම, ආසියානු කලාපයේ ප්‍රමුඛ පෙළේ සමාගම්වල නවෝත්පාදනය, පාරිභෝගික සම්බන්ධතාව සහ දිගුකාලීන බලපෑම පිළිබඳව සිදු කරන ලද දැඩි ඇගයීමකින් අනතුරුව ප්‍රදානය කර ඇත.

සිය නව්‍යකරණයේ සම්ප්‍රදායට අනුකූලව යමින්, ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම සිය නවතම පෙරළිකාර හඳුන්වාදීම වන ‘PRIME MAX’ නිල වශයෙන් දියත් කිරීමට ලැබීම පිළිබඳව ආඩම්බර වෙයි. මෙය නිවසක් හිමිකර ගැනීම වෙන කවරදාටත් වඩා පහසු, බුද්ධිමත් සහ දැරිය හැකි මිලකට සිදු කර දීම සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද විප්ලවීය නිවාස හිමිකාරිත්ව ගෙවීමේ සැලසුමකි (homeownership payment plan). PRIME MAX යනු හුදෙක් ගෙවීමේ ක්‍රමයක් පමණක් නොව, නිවාස හිමිකාරිත්වය සහ මූල්‍ය නිදහස කරා යන දොරටුවකි.

PRIME MAX හරහා, ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම සිය ගුණාත්මකභාවය සහ විශ්වාසය පිළිබඳ පොරොන්දුව එලෙසම රකිමින්, දැරිය හැකි මිල පිළිබඳ සංකල්පය නැවත අර්ථකථනය කරයි. මෙම සුවිශේෂී මුලපිරීම, ආයෝජනයට සුදුසු සහ පහසුවෙන් ළඟා විය හැකි දේපළක් සමඟින් ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ අනාගතය සුරක්ෂිත කර ගැනීමට ශක්තියක් ලබා දීමේ පුළුල් මෙහෙවරක කොටසකි.

ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම නව්‍යකරණය සහ විශිෂ්ටත්වය කරා යන සිය ගමනේ නිරත වන විට, මෙම සම්මානය ඔවුන්ගේ උරුමයේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරගමන්කරුවා ලෙස මෙන්ම මිනිස් ජීවන රටාවේ අනාගතය හැඩගස්වන සමාගමක් ලෙස ඔවුන් සතු ස්ථානය නැවත වරක් තහවුරු කරයි.

Related News

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.