logo

2024-10-03

ප්‍රයිම් සමූහය, "2024 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේව්‍ය සන්නාමය" ලෙසින් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන ප්‍රයිම් සමූහය, 2024 වසරේ පැවැත්වුණු 19 වෙනි සේව්‍ය සන්නාම උළෙලේදී, ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේව්‍ය  සන්නාමය’ ලෙසින් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ, මානව සම්පත් සංවර්ධනය සහ සේවක සුභසාධනය ඔස්සේ, ධනාත්මක, වෘත්තිය පරිසරයක් නිර්මාණය කිරීමට ප්‍රයිම් සමූහය ගෙන ඇති ප්‍රයත්නයන් ඇගයීමට ලක් කරමිනි. මෙම සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගියදා පැවැත්විණි.


ලෝක මානව සම්පත් වෘත්තිකයින්ගේ සම්මේලනය  (World Federation of HR Professionals) සහමානව සම්පත් අංශයේ දැවැන්තයන්ගේ ගෝලීය සංසදයක් වන ලෝක මානව සම්පත් සංවර්ධන කොංග්‍රසය (World HRD Congress) මගින් සහතික කෙරුණු2024 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේව්‍ය සන්නාම පිළිබඳ සම්මාන උළෙලමෑතකාලීන ගෝලීය අභියෝගයන් හමුවේ මානව සම්පත් භාවිතයන් තුළ ආයතනයන් විදහා දක්වන ලද විශිෂ්ටත්වයන් හඳුනාගෙනඒවා ඇගයීමට ලක් කරයි.


මෙම සම්මානය ප්‍රයිම් සමුහයසිය සමාගමේ සාර්ථකත්වය උදෙසා නිරතුරුවම කැපවෙන සිය කාර්ය මණ්ඩලයේ වෙනුවෙන් දක්වන කැපවීම පිළිබිඹු කරයි. කාර්ය මණ්ඩලය තම සමාගම පිළිබඳව අභිමානයට පත් වන අයුරින් ප්‍රයිම් සමූහය කටයුතු කිරීමත්එහි සාමාජිකයින්ට විශිෂ්ට සේවා අත්දැකීමක් ලබාදීමට ප්‍රමුඛත්වය ලබා දීමත්මෙම සම්මානය ලැබීම ඔස්සේ පිළිබිඹු වේ.


“අපගේ කාර්ය මණ්ඩලය යනු අපගේ වටිනාම සම්පත වන අතරඔවුන්ගේ යහපැවැත්ම අපගේ ඉහළම ප්‍රමුඛතාවයයි. අප විශ්වාස කරන්නේසතුටින් සිටින කාර්ය මණ්ඩලයඅපගේ වටිනා සේවාදායකයින් කෙරෙහිත්අප සමාගම කෙරෙහිත් විශේෂ සැලකිල්ලකින් කටයුතු කරනු ඇති බවයි”යනුවෙන්ප්‍රයිම් සමූහයේප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී හි විධායක අධ්‍යක්ෂ ෂෙහානා බ්‍රාහ්මණගේ මෙනවිය පවසයි.

විශිෂ්ටතම සේව්‍ය සන්නාමය ලෙසින් ප්‍රයිම් සමූහය සම්මානයට පාත්‍ර වීම, අනාගතයට ඔබින ශ්‍රම බලකායක් ගොඩනැංවීමටත්, එසේම අභියෝග මධ්‍යයේ නැගී සිටින, අභියෝගයන්ට ඔරොත්තු දෙන ආයතනයක් නිර්මාණය කිරීමටත් ප්‍රයිම් සමූහය අඛණ්ඩව ගත් වෑයමේ ප්‍රතිඵලයකි.


ප්‍රයිම් සමූහයේ දැක්ම තුළ ආයතනික වශයෙන් ක්‍රියාත්මක වනකුසලතා කළමනාකරණයබඳවාගැනීමේ උපාය මාර්ග සහ සේවා ස්ථානයේ යහපත් පරිසරයක් පවත්වා ගැනීම වැනි කරුණු අනෙකුත් සියලු ආයතන වලටද සාර්ථක වෘත්තීය වටපිටාවක් ගොඩ නංවාගැනීමට උපයෝගී කරගත හැකි ප්‍රමිතීන් ලෙස දැක්විය හැක.ප්‍රයිම් සමූහයේ මානව සම්පත් භාවිතයන්සමාගමේ හර පද්ධතීන් තුළට ගැඹුරින් මුල් බැස තිබෙන අතරසමූහයේ දක්නට ලැබෙන අද්විතීය නායකත්ව ශෛලිය සහ සංස්කෘතිය මගින්සිය කාර්ය මණ්ඩලය කණ්ඩායමක් ලෙස වෘත්තීය ජීවිතය තුළ ඉහළටම යාමටත් වගකීම් සහගත පුද්ගලයන් ලෙස කටයුතු කිරීමටත් යොමු කෙරෙනු ඇත. 


ප්‍රයිම් සමූහය ලබා ගත් මෙම ජයග්‍රහණයකොවිඩ් වසංගතය ඇතුළු නොයෙකුත් අභියෝගයන් මධ්‍යයේ ව්‍යාපාර වර්ධනයක් මෙන්ම අඛණ්ඩතාවය පවත්වා ගත් කාර්ය මණ්ඩලයේ උනන්දුව හා සමූහයේ ක්‍රමික ගොඩනැගීම පිළබිඹු කරයි. යහපත් ආකල්ප සහිත වෘත්තීය වටපිටාවක් වෙනුවෙන් ආයතනය දක්වන ප්‍රවේශයසමූහයේ ඵලදායීතාව සහ වටිනාකම් ඔප්නංවනවා පමණක් නොව සේවය සඳහා යහපත් මානසිකත්වයක් හා සාර්ථක ප්‍රතිඵල ළඟාකරවිය හැකි සේවා පරිසරයක්ද නිර්මාණය කර දී තිබේ.


ප්‍රයිම් සමූහයේ විධායක නායකත්ව සහකාර සන්මිත් තාරුන මහතා මෙහිදී පවසා සිටියේ, “අපගේ සමූහයේ සාර්ථකත්වය පිටුපසින් සිටින ප්‍රධානතම බලවේගයන් වන්නේ අප ආයතනයේ කාර්ය මණ්ඩලය බව මෙම සම්මානය දිනා ගැනීම ඔස්සේ තහවුරු වනවා. එමෙන්මඅපගේ සියළුම පාර්ශවකරුවන්ටවිශේෂයෙන්ම අපගේ කාර්ය මණ්ඩලයට වඩාත් යහපත් සේවාස්ථානයක් නිර්මාණය කිරීම සඳහා වන අපගේ කැපවීමත් මෙයින් නැවත තහවුරු කෙරෙනවා” යනුවෙනි.


ආදර්ශමත්  නායකත්වය තුළින් ඉදිරියට යන ප්‍රයිම් සමූහය, ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේව්‍ය  සන්නාමය’ ලෙසින් සම්මානයට පාත්‍ර වීමද සමඟශ්‍රී ලංකාවේ සේව්‍ය සන්නාමයන් සඳහා නව ප්‍රමිති මට්ටමක් නිර්මාණය කර තිබේ. තම ආයතනයේ කාර්ය මණ්ඩලයට ප්‍රමුඛත්වය ලබාදෙමින්විශිෂ්ටත්වයේ සහ එකිනෙකාට රැකවරණය ලබා දීමේ වෘත්තිය සංස්කෘතියක් නිර්මාණය කිරීම කෙරෙහි අනෙකුත් ආයතනයන්ට ද අනුප්‍රාණයක් සපයයි.

Related News

අපගේ අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම