logo

2024-08-31

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නවීන නිවාස සහ මහල් නිවාස සංකීර්ණ නගරය වන ප්‍රයිම් සමූහයේ "YOLO" ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සංවර්ධකයෙකු වන ප්‍රයිම් සමූහය (Prime Group), කිරිබත්ගොඩ නගරයේ ඉදිවන විශාලතම සහ සුඛෝපභෝගී මෙන්ම ප්‍රථම නවීන නිවාස සහ මහල් නිවාස සංකීර්ණ නගරය ලෙස සැලකෙන "YOLO" ව්‍යාපෘතියේ මංගල ශිලාප්‍රතිෂ්ඨාපන උත්සවය උත්කර්ෂවත් අන්දමින් පවත්වා ඇත.

කොළඹ නාගරික අහස් කුස නව මානයකට ඔසවා තබන මෙම සුවිශේෂී ජීවන අත්දැකීමේ ඉදිකිරීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම මෙම මුල්ගල තැබීමේ උත්සවය මඟින් සනිටුහන් කෙරුණු අතර, එය සජීවී මෙන්ම සුවිශේෂී ප්‍රජාවක් වෙනුවෙන් නව ප්‍රමිතීන් බිහිකිරීමේ උද්යෝගිමත් ගමනක ආරම්භය ද වේ. YOLO ව්‍යාපෘතියේ ඉදිකිරීම් ක්‍රියාවලිය පුරාවටම ඉහළම ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය සහතික කරමින් එහි කටයුතු සිදු කරනු ලබයි.

මෙම අවස්ථාව සඳහා ප්‍රයිම් සමූහයේ සභාපති සහ සම-සභාපතිනී ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ මෙහි අභිමානවත් අනාගත නිවාස හිමියන් පිරිසක් සහභාගී වූහ.

මේ පිළිබඳව සිය උද්යෝගය ප්‍රකාශ කරමින් ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගමේ [Prime Lands (Pvt) Ltd] ප්‍රධාන විධායක නිලධාරී (CEO) රුමින්ද රන් crappy මහතා මෙසේ පැවසීය, "YOLO ව්‍යාපෘතියේ මුල්ගල තැබීමත් සමඟ අපි හුදෙක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනවා පමණක් නොවෙයි – අපි ශ්‍රී ලංකාවේ නූතන නාගරික ජීවන රටාවේ අනාගතය පිළිබඳ දුරදක්නා දැක්මක් දියත් කරනවා. අපි පොරොන්දු වූ දේ පමණක් නොව, ඊටත් වඩා වැඩි යමක් පාරිභෝගිකයා වෙත ලබා දීමට කැපවී සිටිනවා. අප හඳුන්වා දී ඇති සුවිශේෂී 1%ක ගෙවීමේ ක්‍රමය (1% payment plan) හරහා ප්‍රථම වතාවට නිවසක් මිලදී ගන්නන් හට සහ ආයෝජකයින් හට වෙන කවරදාටත් වඩා පහසුවෙන් දේපළක හිමිකාරිත්වය ලබා ගැනීමට අවස්ථාව උදා වෙනවා. මෙවැනි නව්‍ය ප්‍රවේශයක් ලබා දීමට හැකි වී තිබෙන්නේ ප්‍රයිම් සමූහය සතු ශක්තිමත් මූල්‍ය ස්ථාවරත්වය නිසාවෙනි."

කිරිබත්ගොඩ පිහිටි YOLO ව්‍යාපෘතිය අක්කර 13ක භූමි භාගයක් පුරා පැතිරී පවතින අතර, එය නිවාස 476කින් සමන්විත වේ. මෙහි මෙරට නේවාසික මහල් නිවාස සංකීර්ණයකට හඳුන්වා දෙන ප්‍රථම අංග රැසක් ඇතුළත් වන අතර, ඒ අතරට මනරම් ඉන්ෆිනිටි පිහිනුම් තටාකයක් (infinity pool), නේවාසික සංකීර්ණයක ඉදිකෙරෙන ප්‍රථම බෝලිං මංතීරුව (bowling alley), එළිමහන් සිනමා සංකල්පය සහිත සිනමා ශාලාවක්, කාර්යබහුල කෝපි වැඩ අවකාශයක් (coffee workspace), ගිනි උදුනක් (fire pit) සහිත ඉහළ මට්ටමේ විවේකාගාරයක්, මනරම් උද්‍යාන සහ අංගන, කැරෝකී බාර් එකක් (Karaoke Bar), ව්‍යායාම ශාලාවක් සහ ක්‍රොස්ෆිට් මධ්‍යස්ථානයක් (gym and CrossFit centre), පැඩල් ටෙනිස් පිටියක්, කාසි මඟින් ක්‍රියාත්මක වන රෙදි සෝදන සේවාවක් සහ මිනි-මාර්ට් එකක් ඇතුළු තවත් සුවිශේෂී පහසුකම් රැසක් ඇතුළත් වේ.

මෙම සුවිශේෂී ව්‍යාපෘතියේ කොටස්කරුවෙකු වීමට කැමැත්තක් දක්වන අනාගත නිවාස හිමියන්ට සහ ආයෝජකයින්ට සිය නිවහන වෙන්කරවා ගැනීම සඳහා YOLO හි පිහිටි විකුණුම් ප්‍රදර්ශනාගාරය (Sales Gallery) වෙත පැමිණෙන ලෙස ආරාධනා කර සිටියි. එහි නව්‍ය සැලසුම්කරණය, ප්‍රමුඛතම පිහිටීම සහ නම්‍යශීලී ගෙවීමේ ක්‍රමවේදයන් සමඟින්, YOLO ව්‍යාපෘතිය කොළඹ දේපළ වෙළඳාම් වෙළඳපල තුළ අසමසම අවස්ථාවක් නියෝජනය කරයි.

වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හෝ YOLO හි ඔබේ නිවහන වෙන්කරවා ගැනීමට 0702 041 041 අංකයෙන් ප්‍රයිම් සමූහය අමතන්න, නැතහොත් www.primelands.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

Related News

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.