logo

2023-05-19

ශ්‍රී ලාංකීය විශිෂ්ටත්වය ලොවට විදහා පාමින්, ප්‍රයිම් සමූහය (Prime Group) සිය නවතම අතිසුඛෝපභෝගී නිර්මාණය වන ‘The Grand Ward Place’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සාර්ථකව නිම කරයි

ප්‍රයිම් සමූහයේ (Prime Group) අතිසුඛෝපභෝගී ප්‍රමුඛතම ව්‍යාපෘතිය වන ‘The Grand Ward Place’ එහි සම්භාවනීය පාරිභෝගිකයින් සහ ව්‍යාපෘති හවුල්කරුවන්ගේ සහභාගීත්වයෙන් 2023 මැයි 15 වන දින නිල වශයෙන් විවෘත කරන ලදී. කීර්තිමත් කොළඹ 7 ප්‍රදේශයේ පිහිටි එකම අහස් උසට විහිදුණු නේවාසික සංකීර්ණය වන ‘The Grand Ward Place’, එහි පදිංචිකරුවන්ගේ උසස් ජීවන රටාවට ගැළපෙන පරිදි ඉතා සූක්ෂ්ම ලෙස නිර්මාණය කරන ලද නිවාස සහ පෙන්ට්හවුස් (penthouses) මෙන්ම උපරිම පෞද්ගලිකත්වයක් සහ සිත් ඇදගන්නාසුළු නගර දර්ශනයක් සහිත සැබෑ විශිෂ්ට නිර්මාණයකි.

මෙම විවෘත කිරීමේ උත්සවයත් සමඟම අනුකූලතා සහතිකය (COC), CMA ලියාපදිංචි සහතිකය සහ ප්‍රකාශන ඔප්පුව (Deed of Declaration) ඇතුළු වැදගත් නීතිමය ලියකියවිලි සාර්ථකව ලබා ගැනීම ද සනිටුහන් විය. වත්මන් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝගාත්මක වටපිටාවක වුවද, පදිංචිකරුවන්ට තමන්ගේ නිවෙස්වල යතුරු භාරගන්නා අවස්ථාවේදීම ඔප්පු තමන්ගේ නමට පවරා ගැනීමට හැකි වීම සැබවින්ම කැපී පෙනෙන කරුණකි.

2019 වසරේ පැවැත්වුණු Property Guru Asia Property Awards හිදී ශ්‍රී ලංකාවේ හොඳම සුඛෝපභෝගී සහාධිපත්‍යය (Best Luxury Condominium) ලෙස කිරුළු පැළඳි ‘The Grand Ward Place’, පදිංචිකරුවන්ට උපරිම සුවපහසුව සහ පහසුව සහතික කරමින් ලෝක මට්ටමේ පහසුකම් රැසක් සපයයි. ලොව හොඳම සන්නාමයන්ගෙන් සමන්විත උපාංග සහ නූතන පවුල්වල අවශ්‍යතා සපුරාලීම සඳහා වාහන දෙකක් නැවැත්වීමේ පහසුකම් (two car parks) සහිතව ඉදි කර ඇති මෙහි ඇති ඉඩකඩ සහිත නිවාස සුඛෝපභෝගීත්වය මනාව පිළිඹිබු කරයි.

‘The Grand Ward Place’ සතුව මීටර් 71ක ආකර්ෂණීය දිගකින් යුත් ශ්‍රී ලංකාවේ දිගම ඉහළින් පිහිටි ඉන්ෆිනිටි පිහිනුම් තටාකය (elevated infinity pool) පිහිටා ඇත. මෙරට සහාධිපත්‍ය දේපළක් තුළ විනෝදාස්වාදය සහ විවේකය වෙනුවෙන් වෙන් කරන ලද විශාලතම පරිශ්‍රය නිර්මාණය කරමින්, මහල් තුනක් පුරා වර්ග අඩි 50,000කට අධික භූමි ප්‍රමාණයක අතිනවීන විනෝදාස්වාද පහසුකම් මෙහි ස්ථාපනය කර ඇත. පිහිනුම් තටාක 3ක්, ක්‍රීඩා පිටි, බැඩ්මින්ටන් පිටි, උත්සව ශාලාවක්, ක්‍රීඩා කාමර, ඇවිදීමේ මංතීරු, යෝගා අංගනයක්, ස්පා (spa) එකක් සහ මිනි-මාර්ට් එකක් ඇතුළු මනාව සැලසුම් කළ පහසුකම් රැසක් සමඟින් ‘The Grand Ward Place’ කාර්යබහුල නගරය මැද නිදහස් නවාතැනක් නිර්මාණය කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රයිම් සමූහයේ සමූහ සභාපති බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා මෙසේ පැවසීය, "කොළඹ නගරයේ අතිසුඛෝපභෝගී ජීවන රටාව සඳහා නව ප්‍රමිතියක් ඇති කරන සුවිශේෂී සන්ධිස්ථානයක් වන ‘The Grand Ward Place’ විවෘත කිරීමට ලැබීම මා ලැබූ විශාල සතුටක්. පාස්කු ප්‍රහාරය, කොවිඩ්-19 වසංගතය සහ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ වුවද, ගෝලීය සුඛෝපභෝගී සන්නාමයන්ට සමගාමීව උසස් තත්ත්වයෙන් සහ ප්‍රමිතියෙන් යුතුව මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට හැකි වීම ප්‍රයිම් සමූහයේ නොසැලෙන ශක්තිය මනාව විදහා පානවා. මෙම ජයග්‍රහණය පාරිභෝගිකයින්ට සුවිශේෂී ජීවන අවකාශයන් ලබා දීමට අප තුළ ඇති කැපවීම පමණක් නොව, අපගේ පාරිභෝගිකයින් අප කෙරෙහි තැබූ විශ්වාසය සහ අපගේ සියලුම හවුල්කරුවන් ලබා දුන් සහයෝගය ද සනාථ කරන්නකි."

දේශීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ අසමසම නායකයා සහ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීය සමාගමක් වන ප්‍රයිම් සමූහය, මෙම අසාමාන්‍ය විශිෂ්ට නිර්මාණය නිම කිරීම සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ සන්නාමයන් සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳව බෙහෙවින් ආඩම්බර වේ. මෙම ගෘහ නිර්මාණ ශිල්පීය ආශ්චර්යය සාර්ථක සහයෝගීතාවයේ බලය මනාව පිළිඹිබු කරන අතර අනාගතයට ද ආදර්ශමත් ශ්‍රී ලාංකීය සාර්ථකත්වයේ කථාන්දරයකි.

ප්‍රයිම් සමූහයේ සම-සභාපතිනී සඳමිණි පෙරේරා මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, "ආරම්භයේ සිටම ව්‍යාපෘතිය සියලුම රෙගුලාසිවලට අනුකූලව සිදු කිරීම නිසා, අපගේ සියලුම පාරිභෝගිකයින්ට ඔවුන්ගේ නිවාසවල යතුරු ලබා දෙන අවස්ථාවේදීම නිරවුල් ඔප්පු ද භාර දීමට අපට හැකි වුණා. ‘The Grand Ward Place’ යනු ප්‍රයිම් සමූහයේ විශාලතම ආයෝජනය වන අතර, ගෝලීය සුඛෝපභෝගී ජීවන ව්‍යාපෘති සමඟ සමගාමීව යමින් මෙරට ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සංවර්ධකයා ලෙස අප ලැබූ සාර්ථකත්වය මෙයින් මනාව ප්‍රදර්ශනය වනවා." යනුවෙනි.

ක්ෂේත්‍රයේ වසර 27ක පරිණත අත්දැකීම් ඇති ප්‍රයිම් සමූහය, කැපවීම, ගුණාත්මකභාවය සහ විශ්වාසය පිළිබඳව නොසැලෙන කීර්තියක් ගොඩනඟා ගෙන ඇත. ‘The Grand Ward Place’ යනු කොළඹ නගරයේ අහස් කුසට නව සුන්දරත්වයක් එක් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නේවාසික ලිපිනයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් සුවිශේෂී ව්‍යාපෘතියකි.

Related News

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.