logo

2014-05-09

Asia Pacific Property Awards හිදී ශ්‍රී ලංකාවේ හොඳම දේපළ වෙළඳාම් සමාගම (Best Real Estate Company) ලෙස ප්‍රයිම් ලෑන්ඩ්ස් සමූහය (Prime Lands Group) සම්මානයෙන් පිදුම් ලබයි

අපගේ පාරිභෝගිකයින් සැමවිටම විශ්වාස කළේ අප විශිෂ්ටතම සමාගම බවයි. දැන් ගෝලීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ද එය අනුමත කර තිබේ! Asia Pacific Property Awards හිදී ශ්‍රී ලංකාවේ හොඳම දේපළ වෙළඳාම් සමාගම (Best Real Estate Company) ලෙස ප්‍රයිම් ලෑන්ඩ්ස් සමූහය (Prime Lands Group) සම්මානයෙන් පිදුම් ලබයි.

වසර 19කට අධික කාලයක් පුරා දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි මනරම් ඉඩම් සහ නිවාස ව්‍යාපෘති පිරිනමමින්, 75,000කට අධික විශ්වාසවන්ත පාරිභෝගික පිරිසකගේ සිත් දිනා ගැනීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් සමූහය සමත්ව ඇත.

Asia Pacific Property Awards හිදී ශ්‍රී ලංකාවේ හොඳම දේපළ වෙළඳාම් සමාගම සඳහා වන කීර්තිමත් තරු පහේ සම්මානය (Five Star Award) දිනා ගනිමින්, ජාත්‍යන්තර මට්ටමේ ඉහළම ඇගයීමට ලක් වීමට අද දවසේ අපට හැකි වී තිබේ. මෙම සම්මාන ලොව පුරා වෙසෙන නේවාසික සහ වාණිජ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වෘත්තිකයින් වෙනුවෙන් පිරිනමනු ලබන අතර, අප්‍රිකාව, ආසියා පැසිෆික්, අරාබිය, කැනඩාව, කැරිබියන්, මධ්‍යම සහ දකුණු ඇමරිකාව, යුරෝපය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන කලාප මෙයට ඇතුළත් වේ.

ප්‍රයිම් ලෑන්ඩ්ස් කෙරෙහි විශ්වාසය තබමින් මෙම ගෝලීය ඇගයීම කරා ළඟා වීමට අපට සහය වූ අපගේ සියලුම වටිනා පාරිභෝගිකයින් වෙත අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු. මෙය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැබෑ නායකයා (Real Leader in Real Estate) ප්‍රයිම් ලෑන්ඩ්ස් බවට ලැබුණු කදිම සහතිකයකි.

Related News

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.