පුවත් නොමැත.
Marking a Historic Milestone, Prime Group and FSLGA seal public-private synergy to elevate Local Government capacity nationwide
වැඩි විස්තරPrime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස උමාරියා සිංහවංශ පත් කෙරේ
වැඩි විස්තරPrime Lands Recognized as "Most Innovative Property Developer – Sri Lanka 2025" by World Economic Magazine Awards USA
වැඩි විස්තරPrime Group unveils innovative Public-Private collaboration initiative to enhance Government service excellence
වැඩි විස්තරප්රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්
වැඩි විස්තරPrime Lands CEO honoured at CMO Asia Business Awards for Real Estate Leadership
වැඩි විස්තරප්රයිම් සමූහය හඳුන්වා දෙන, C'est La Vie – That’s Life, නවතම villa ව්‍යාපෘතිය මැකී නොයන සුන්දරත්වයක් සහ නවීන සුඛෝපභෝගීත්වයත් මුසුවුණු අපූර්වත්වයක් ඔස්සේ, ඔබ අපේක්ෂා කරන ජීවිතයට වෙනස්ම වූ අරුතක් ලබා දෙන අද්විතීය සුවිශිෂ්ටත්වයක් සහ ඔබ වෙනුවෙන්ම නිමවුණු සේවා සමගින්, ඔබ සිහින දකින ප්‍රංශ ජීවන රටාව සැබෑවක් බවට පත් කොට දෙන්නට නියමිතයි.මෙම වානගුරු මාවතේ සරුසාර හරිත පාරාදීසයක පිහිටා ඇති නිවාසව්‍යාපෘතිය , නූතන ජීවන රටාවට ඔබින ලෙසින් නිමැවුණු villa නිවාස 90 කින් සමන්විත වන අතර ඒ එක් එක් නිවාසයන්, විශිෂ්ට ඉංග්‍රීසි-රෝම ගෘහ නිර්මාණ ශිල්පය ආශ්රයෙන් නිමවී තිබේ. ඔබගේ ආරක්ෂාව සහතික කරමින් අඩි 17 ක් උසට නැගි සිවිලිම්, ඉඩ කඩ ඇති විසිත්ත කාමර, සහ වර්ග අඩි 1,159 සිට වර්ග අඩි 2,164 දක්වා පරාසයක විහිදුනු villa නිර්මාණ සැලසුම් හතක් ඔස්සේ නිම වන මෙම ව්‍යාපෘතිය ඔබගේ වෙනස් වූ රුචි අරුචිකම් හා ගැලපෙමින්, මනා සුවපහසුවක් ලබා දෙනු ඇත.අක්කර 6.5 ක නිස්කලංක භූමි භාගයක විහිදුණු C’est La Vie, සුඛෝපභෝගීත්වය හා මුසු වූ සාමකාමී පරිසරයක්සහතික කරයි. හරිත වර්ණයෙන් අනූන වූ, අග්‍රගන්‍ය හා සුඛෝපභෝගී අංගෝපාංගයන්ගෙන් සමන්විත C’est La Vie, නිසැකවම ඔබගේ කාර්යබහුලත්වයේ දිවිය වෙනතකට ගෙන යයි.අතුරුගිරිය සහ කොට්ටාව අධිවේගී මාර්ග වෙත මිනිත්තු කිහිපයක දුරින්, අතුරුගිරිය, බත්තරමුල්ල, කොට්ටාව, තලවතුගොඩ සහ මාලඹේ නගර වෙත සැනින් ලඟා වීමට පහසුව ලබා දෙන ලෙසින් පිහිටා ඇති මෙය, ප්‍රධාන පෙළේ පාසල්, රෝහල්, සාප්පු<span lang="SI-LK"
වැඩි විස්තරශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පුරෝගාමියෙකු වන ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගම පසුගියදා තායිලන්තයේදී පැවැත්වුණු ‘World Business Outlook Awards 2024’ හිදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. එහිදී ‘2024 වසරේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ විශිෂ්ටතම සමාගම’ සහ YOLO ව්‍යාපෘතිය වෙනුවෙන් ‘2024 වසරේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ විශිෂ්ටතම ව්‍යාපෘතිය’ යන සම්මාන හිමිකර ගැනීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමට හැකියාව ලැබිණි. මෙම ජයග්‍රහණ, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය උදෙසා මෙන්ම, ජාත්‍යන්තර තලයේ ව්‍යාපෘති ශ්‍රී ලාංකික දේපළ වෙළඳාම් ක්ෂේත්රයට හදුන්වාදීමට Prime Lands සමාගම නිරතුරුව දක්වන කැපවීම අගය කිරීමකි.“ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් අංශයේ පුරෝගාමීන් ලෙස ප්‍රයිම් ලෑන්ඩ්ස් සෑම විටම සාම්ප්‍රදායික සීමාවන් අභිබවා, පරිවර්තනීය ජීවන අත්දැකීම් නිර්මාණය කිරීම කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. හුදෙක් ඉදිකිරීම් වලින් නොනැවතී ඉන් ඔබ්බට යාම සඳහා අප ගත් ක්‍රමෝපායික තීරණයට මුල් වූයේ, අපගේ සුවිශේෂී පාරිභෝගිකයන්ගේ සිහින සැබෑ කරදීම සම්බන්ධයෙන් අප සතු වූ දූරදර්ශි දැක්මයි. අද වනවිට මෙම දැක්ම අපට අසීමිත වටිනාකම් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකිරීමට මෙන්ම ක්ෂේත්රයේ සැබෑම පුරෝගාමියෙකු ලෙස ඉදිරියෙන්ම සිටීමට පන්නරය ලබා දී තිබෙනවා.” ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමේ නිර්මාතෘ සහ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසී ය.දශක තුනක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් ලෙස තම පොරොන්දු එලෙසින්ම ඉටුකරමින්, පාරිභෝගිකයන් බලාපොරොත්තු වනවාටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාදෙමින් ඉදිරියෙන්ම සිටීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් සමත් වි ඇත. ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථාන සනිටුහන් කරන අතරම සුඛෝපභෝගී (Luxury), අධි-සුඛෝපභෝගී (Ultra Luxury) සහ ජීවන රටා (Lifestyle) නිවාස සම්ප්‍රදායන්ට නව අර්ථකථන ලබාදීමට සමාගම සමත් වී ඇත. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ නවීන නිවාස නගර (Home Apartment Cities) ඉදිකරන මට්ටම දක්වා සමාගම දියුණු වී ඇති අතර, ඒ ඔස්සේ ඉදිරි පරම්පරාවන්ට සතුටින් හා ආදරණිය ලෙස ජීවත් විය හැකි සුන්දර නේවාසික වටපිටාවක් නිර්මාණය කරමින් සිටී.මේ ආකාරයට නිවාස ඉදිකිරීම අතින් ඉහළම ප්රමිතීන් පවත්වා ගන්නා අතරම, ගැනුම්කරුවන්ට එම නිවාස පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමටද ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම නිරන්තරයෙන් අවධානය යොමුකරයි. පොලී රහිත 1% ක මාසික වාරිකයක් සහිත පහසු ගෙවීමේ ක්‍රම ආදිය ඔස්සේ ප්‍රථම වරට නිවාස මිලදී ගන්නා ගැනුම්කරුවන්ට සහන සලසන අතරම ආයෝජකයන්ට ආකර්ෂණීය ප්රතිලාභ පිරිනැමීමටද සමාගමට හැකි වී තිබේ.දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ දූරදර්ශී නායකයෙකු ලෙස ඇගයීමට ලක් වී ඇති ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම සෑමවිටම ගෝලීය ප්රමිතීන් අනුගමනය කරන අතර, ගුණාත්මකභාවය සහ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ප්‍රශංසාවට බඳුන් වී ඇත. ‘World Business Outlook Awards’ හිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීම, මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකිරීමට සමාගම සමත් වී ඇති බවට මනා සාක්ෂියකි. රටේ දේපළ වෙළඳාම් සමාගම් නිර්භීත තීරණ ගැනීමට පසුබට වන මෙවන් යුගයක, සම්මතයට අභියෝග කරමින් සහ YOLO වැනි සුවිශේෂී ව්‍යාපෘති හඳුන්වා දෙමින් , ශ්‍රී ලාංකික දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ සාර්ථකත්වය පිළිබඳ මනා ආදර්ශයක් බවට පත්වීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමට හැකි වී තිබේ. “ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ දැවැන්තයෙකු ලෙස, අපගේ පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් අවබෝධ කර ගැනීමට සහ ඒවා ඉටු කිරීමට අපට හැකියාව තිබෙනවා. මේ අපේක්ෂාවන් බොහෝ විට අප්රකාශිත හෝ ප්‍රායෝගික නොවන සේ පෙනුණු අපේක්ෂාවන්. අපට හිමි වූ මේ ජයග්‍රහණ මගින් පෙනී යන්නේ, එම සිහින යථාර්ථයක් බවට පත්කිරීම සඳහා අප දරමින් සිටින ප්රයත්නය බෙහෙවින් සාර්ථක වී ඇති බවයි. අනාගතය සම්බන්ධයෙන් ගත් විට, අපගේ ඉලක්ක ශ්‍රී ලංකාවට සීමා වන්නේ නැහැ. මේ වනවිට දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ ගෝලීය පුරෝගාමියෙකු ලෙස ජාත්‍යන්තර තලයට පිවිසෙමින්, අපට හුරුපුරුදු වටිනාකම්, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය ජාත්‍යන්තර දේපළ වෙළඳාම් ක්ෂේත්රයටද හඳුන්වා දීමට අප පියවර ගනිමින් සිටිනවා.” ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ සම සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවා ය.සම්මාන දිනූ YOLO ව්‍යාපෘතිය, නවතම ‘Playful Luxury’ ජීවන රටාවක අත්දැකීම ලොවට හඳුන්වා දීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් දරන උත්සාහය මැනැවින් සංකේතවත් කරයි. ‘Apartment City’ සංකල්පයට නව අරුතක් ලබාදෙන මෙම ව්‍යාපෘතිය අක්කර 13 ක් පුරා විහිදී ඇති, නවීන නිවාස 476 කින් සමන්විත ය. මෙබඳු ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවනු ලබන්නේ ශ්‍රී ලංකාවේ මෙන්ම මුළුමහත් ලෝකයේම ප්‍රථම වරට වීම විශේෂත්වයකි. තරුණ පරපුරට මෙන්ම හදවතින් තරුණ පරපුරට තම සිහිනවලට අත්තටු හිමි වන මනරම් ජීවන අවකාශයන් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම YOLO නිවාස එකතුව සැලසුම් කර තිබේ.ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ YOLO ව්‍යාපෘතිය සහ අනෙකුත් සම්මානලාභී ව්‍යාපෘති පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.primelands.lk වෙත පිවිසෙන්න. නැතිනම් +94 710 777 555 අමතන්න.
වැඩි විස්තරශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛතම නාමයක් වන ප්‍රයිම් සමූහය, 2024 වසරේ පැවැත්වුණු 19 වෙනි සේව්‍ය සන්නාම උළෙලේදී, ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේව්‍ය සන්නාමය’ ලෙසින් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ, මානව සම්පත් සංවර්ධනය සහ සේවක සුභසාධනය ඔස්සේ, ධනාත්මක, වෘත්තිය පරිසරයක් නිර්මාණය කිරීමට ප්‍රයිම් සමූහය ගෙන ඇති ප්රයත්නයන් ඇගයීමට ලක් කරමිනි. මෙම සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගියදා පැවැත්විණි.ලෝක මානව සම්පත් වෘත්තිකයින්ගේ සම්මේලනය (World Federation of HR Professionals) සහ, මානව සම්පත් අංශයේ දැවැන්තයන්ගේ ගෝලීය සංසදයක් වන ලෝක මානව සම්පත් සංවර්ධන කොංග්‍රසය (World HRD Congress) මගින් සහතික කෙරුණු, 2024 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේව්‍ය සන්නාම පිළිබඳ සම්මාන උළෙල, මෑතකාලීන ගෝලීය අභියෝගයන් හමුවේ මානව සම්පත් භාවිතයන් තුළ ආයතනයන් විදහා දක්වන ලද විශිෂ්ටත්වයන් හඳුනාගෙන, ඒවා ඇගයීමට ලක් කරයි.මෙම සම්මානය ප්‍රයිම් සමුහය, සිය සමාගමේ සාර්ථකත්වය උදෙසා නිරතුරුවම කැපවෙන සිය කාර්ය මණ්ඩලයේ වෙනුවෙන් දක්වන කැපවීම පිළිබිඹු කරයි. කාර්ය මණ්ඩලය තම සමාගම පිළිබඳව අභිමානයට පත් වන අයුරින් ප්‍රයිම් සමූහය කටයුතු කිරීමත්, එහි සාමාජිකයින්ට විශිෂ්ට සේවා අත්දැකීමක් ලබාදීමට ප්‍රමුඛත්වය ලබා දීමත්, මෙම සම්මානය ලැබීම ඔස්සේ පිළිබිඹු වේ. “අපගේ කාර්ය මණ්ඩලය යනු අපගේ වටිනාම සම්පත වන අතර, ඔවුන්ගේ යහපැවැත්ම අපගේ ඉහළම ප්‍රමුඛතාවයයි. අප විශ්වාස කරන්නේ, සතුටින් සිටින කාර්ය මණ්ඩලය, අපගේ වටිනා සේවාදායකයින් කෙරෙහිත්, අප සමාගම කෙරෙහිත් විශේෂ සැලකිල්ලකින් කටයුතු කරනු ඇති බවයි”, යනුවෙන්, ප්‍රයිම් සමූහයේ, ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී හි විධායක අධ්යක්ෂ ෂෙහානා බ්‍රාහ්මණගේ මෙනවිය පවසයි.විශිෂ්ටතම සේව්‍ය සන්නාමය ලෙසින් ප්‍රයිම් සමූහය සම්මානයට පාත්‍ර වීම, අනාගතයට ඔබින ශ්‍රම බලකායක් ගොඩනැංවීමටත්, එසේම අභියෝග මධ්‍යයේ නැගී සිටින, අභියෝගයන්ට ඔරොත්තු දෙන ආයතනයක් නිර්මාණය කිරීමටත් ප්‍රයිම් සමූහය අඛණ්ඩව ගත් වෑයමේ ප්රතිඵලයකි. ප්‍රයිම් සමූහයේ දැක්ම තුළ ආයතනික වශයෙන් ක්‍රියාත්මක වන, කුසලතා කළමනාකරණය, බඳවාගැනීමේ උපාය මාර්ග සහ සේවා ස්ථානයේ යහපත් පරිසරයක් පවත්වා ගැනීම වැනි කරුණු අනෙකුත් සියලු ආයතන වලටද සාර්ථක වෘත්තීය වටපිටාවක් ගොඩ නංවාගැනීමට උපයෝගී කරගත හැකි ප්රමිතීන් ලෙස දැක්විය හැක.ප්‍රයිම් සමූහයේ මානව සම්පත් භාවිතයන්, සමාගමේ හර පද්ධතීන් තුළට ගැඹුරින් මුල් බැස තිබෙන අතර, සමූහයේ දක්නට ලැබෙන අද්විතීය නායකත්ව ශෛලිය සහ සංස්කෘතිය මගින්, සිය කාර්ය මණ්ඩලය කණ්ඩායමක් ලෙස වෘත්තීය ජීවිතය තුළ ඉහළටම යාමටත් වගකීම් සහගත පුද්ගලයන් ලෙස කටයුතු කිරීමටත් යොමු කෙරෙනු ඇත. ප්‍රයිම් සමූහය ලබා ගත් මෙම ජයග්‍රහණය, කොවිඩ් වසංගතය ඇතුළු නොයෙකුත් අභියෝගයන් මධ්‍යයේ ව්‍යාපාර වර්ධනයක් මෙන්ම අඛණ්ඩතාවය පවත්වා ගත් කාර්ය මණ්ඩලයේ උනන්දුව හා සමූහයේ ක්රමික ගොඩනැගීම පිළබිඹු කරයි. යහපත් ආකල්ප සහිත වෘත්තීය වටපිටාවක් වෙනුවෙන් ආයතනය දක්වන ප්‍රවේශය, සමූහයේ ඵලදායීතාව සහ වටිනාකම් ඔප්නංවනවා පමණක් නොව සේවය සඳහා යහපත් මානසිකත්වයක් හා සාර්ථක ප්‍රතිඵල ළඟාකරවිය හැකි සේවා පරිසරයක්ද නිර්මාණය කර දී තිබේ. ප්‍රයිම් සමූහයේ විධායක නායකත්ව සහකාර සන්මිත් තාරුන මහතා මෙහිදී පවසා සිටියේ, “අපගේ සමූහයේ සාර්ථකත්වය පිටුපසින් සිටින ප්‍රධානතම බලවේගයන් වන්නේ අප ආයතනයේ කාර්ය මණ්ඩලය බව මෙම සම්මානය දිනා ගැනීම ඔස්සේ තහවුරු වනවා. එමෙන්ම, අපගේ සියළුම පාර්ශවකරුවන්ට, විශේෂයෙන්ම අපගේ කාර්ය මණ්ඩලයට වඩාත් යහපත් සේවාස්ථානයක් නිර්මාණය කිරීම සඳහා වන අපගේ කැපවීමත් මෙයින් නැවත තහවුරු කෙරෙනවා” යනුවෙනි. ආදර්ශමත් නායකත්වය තුළින් ඉදිරියට යන ප්‍රයිම් සමූහය, ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේව්‍ය සන්නාමය’ ලෙසින් සම්මානයට පාත්‍ර වීමද සමඟ, ශ්‍රී ලංකාවේ සේව්‍ය සන්නාමයන් සඳහා නව ප්‍රමිති මට්ටමක් නිර්මාණය කර තිබේ. තම ආයතනයේ කාර්ය මණ්ඩලයට ප්‍රමුඛත්වය ලබාදෙමින්, විශිෂ්ටත්වයේ සහ එකිනෙකාට රැකවරණය ලබා දීමේ වෘත්තිය සංස්කෘතියක් නිර්මාණය කිරීම කෙරෙහි අනෙකුත් ආයතනයන්ට ද අනුප්‍රාණයක් සපයයි.
වැඩි විස්තරPrime Group’s ‘YOLO’ Sri Lanka’s First-ever Modern Home Apartment City Commences Construction
වැඩි විස්තරශ්රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම
Prime Lands Residencies PLC
Bhoomi Reality Holdings
The Grand Ward Place
HNB Finance PLC
PRIME GROUP DUBAI
Prime Lands Australia