logo

ප්‍රයිම් ලෑන්ඩ්ස් නවතම යාවත්කාලීන කිරීම්

ප්‍රයිම් ලෑන්ඩ්ස් හි නවතම වර්ධනයන් සහ ජයග්‍රහණ සමඟ යාවත්කාලීනව සිටින්න. අපගේ ව්‍යාපෘති සහ සන්ධිස්ථාන පිළිබඳ වැඩිදුර දැන ගැනීමට අපගේ පුවත් ලිපි කියවන්න.

2025-05-15

Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස උමාරියා සිංහවංශ පත් කෙරේ

Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස සුප්‍රකට ගායන ශිල්පිනියක වන උමාරියා සිංහවංශ පත්කර තිබේ. වසර 30 ක උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනාගත් දේපළ වෙළඳාම් සන්නාමය වන Prime සමූහ ව්‍යාපාරය, ඕස්ට්‍රේලියාවේ සහ ඩුබායි හි ශාඛා පිහිටුවමින් ජාත්‍යන්තර තලයට පිවිසි ප්‍රථම ශ්‍රී ලාංකික දේපළ වෙළඳාම් සමාගමද වේ. උමාරියා සිංහවංශ යනු දේශීය හා ජාත්‍යන්තර වශයෙන් විශාල ජනප්‍රියත්වයක් හිමි, ශ්‍රී ලාංකීය සංගීත කලාව ජාත්‍යන්තරය වෙත රැගෙන ගිය සුවිශේෂී කලා ශිල්පිනියකි.මෙම පත්කිරීම ශ්‍රී ලංකාවේ ජන හද දිනූ, 100% ක්ම ශ්‍රී ලාංකික නාමයන් දෙකක සුසංයෝගයක් ලෙස හැඳින්විය හැක. ශ්‍රී ලාංකීය හැකියාවන් හා විශිෂ්ටත්වය ගෝලීය තලය වෙත රැගෙන යාම දෙපාර්ශ්වයේම අරමුණ වී තිබේ. ගායිකාවක මෙන්ම සංගීත ශිල්පිනියක ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දිනාගත් සුවිශාල ජනප්‍රියත්වයක් උමාරියා සිංහවංශ සතුය. ඇය ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස පත්කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට පසුගියදා අත්සන් තැබිණි.උමාරියා සිංහවංශගේ ජනප්‍රියත්වය ඔස්සේ කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් Prime සමූහ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙම හවුල්කාරීත්වයේ එක් මූලික ඉලක්කයකි. එමෙන්ම ශ්‍රී ලාංකික විශිෂ්ටයන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් Prime සමූහ ව්‍යාපාරය සතු දැක්ම ඔස්සේ රටේ දක්ෂතා සහ සංස්කෘතික උරුමයන් ජාත්‍යන්තර තලයට රැගෙන යාම මෙහි තවත් අරමුණක් වී ඇත. ඉදිරියේදී උමාරියාගේ මැදිහත්වීම සහ නිර්මාණශීලී මෙහෙවර ඔස්සේ ලොව පුරා පාරිභෝගිකයන් වෙතට සමීප වීමට Prime සමූහ ව්‍යාපාරය බලාපොරොත්තු වෙයි.“උමාරියා යනු ශ්‍රී ලාංකික විශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තියක්. ශ්‍රී ලාංකිකත්වය මත පදනම් වූ ඇගේ දක්ෂතාවන්ට ගෝලීය පිළිගැනීමක් හිමි වී තිබෙනවා. ඇය අපගේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස පත්කිරීම, ශ්‍රී ලංකාව ලොව දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සම්බන්ධයෙන් අප සතු දැක්මට සමගාමී පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ සුසංයෝගය ඔස්සේ ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් නැවත නිර්වචනය කරමින්, පාරිභෝගික විශ්වාසය දිනාගනිමින්, රටේ කුසලතාවන් සහ සංස්කෘතික වටිනාකම් මූලික කරගත් ප්‍රචාරණ ක්‍රමවේදයක් ඔස්සේ ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීමට අප බලාපොරොත්තු වනවා.” Prime සමූහ ව්‍යාපාරයේ සම සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවාය.“වසර 30 කට අධික ඉතිහාසයක් සහිත දේශීය සන්නාමයක් වන Prime සමූහ ව්‍යාපාරය සමග මෙලෙස අත්වැල් බැඳගැනීමට ලැබීම මට මහත් සතුටක්. මෙය රටේ හැකියාවන් ගෝලීය තලයට රැගෙන යමින්, ශ්‍රී ලංකාව ලොව විශිෂ්ටත්වයේ කේන්ද්‍රයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් අප සතු අන්‍යෝන්‍ය දැක්ම මැනැවින් පිළිබිඹු කරනවා. මීට දශකයකට පමණ පෙර මා මුල්ම වරට දේපළක් මිලදී ගත්තේ Prime වෙතිනුයි. එය මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වුණා.  වර්තමානයේ මේ ආකාරයට Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස එම සමූහය නියෝජනය කිරීමට හැකි වීම පිළිබඳව මා ආඩම්බර වනවා. මේ විශිෂ්ටත්වය ලෝකය සමග බෙදාගැනීම මගේ අරමුණයි.” උමාරියා සිංහවංශ පැවසීය.මේ ආකාරයට උමාරියා සිංහවංශ සමග එක් වී ශ්‍රී ලාංකීය උරුමයේ විශිෂ්ටත්වය ලෝකය හමුවට රැගෙන යමින් ජාත්‍යන්තරය ජයගැනීම Prime සමූහ ව්‍යාපාරයේ අරමුණ වී තිබේ. 

වැඩි විස්තර
‘C'est La Vie’- That’s Life by Prime Group – ප්‍රංශ කලාත්මක බව කැටිවුනු නවීන villa ව්‍යාපෘතිය

2025-02-15

‘C'est La Vie’- That’s Life by Prime Group – ප්‍රංශ කලාත්මක බව කැටිවුනු නවීන villa ව්‍යාපෘතිය

ප්‍රයිම් සමූහය හඳුන්වා දෙන, C'est La Vie – That’s Life, නවතම villa ව්‍යාපෘතිය මැකී නොයන සුන්දරත්වයක් සහ නවීන සුඛෝපභෝගීත්වයත් මුසුවුණු අපූර්වත්වයක් ඔස්සේ, ඔබ අපේක්ෂා කරන ජීවිතයට වෙනස්ම වූ අරුතක් ලබා දෙන අද්විතීය සුවිශිෂ්ටත්වයක් සහ ඔබ වෙනුවෙන්ම නිමවුණු සේවා සමගින්, ඔබ සිහින දකින ප්‍රංශ ජීවන රටාව  සැබෑවක් බවට පත් කොට දෙන්නට නියමිතයි.මෙම  වානගුරු මාවතේ සරුසාර හරිත පාරාදීසයක පිහිටා ඇති නිවාසව්‍යාපෘතිය , නූතන ජීවන රටාවට ඔබින ලෙසින් නිමැවුණු villa නිවාස 90 කින් සමන්විත වන අතර  ඒ එක් එක් නිවාසයන්, විශිෂ්ට ඉංග්‍රීසි-රෝම ගෘහ නිර්මාණ ශිල්පය ආශ්‍රයෙන් නිමවී තිබේ. ඔබගේ ආරක්ෂාව සහතික කරමින් අඩි 17 ක් උසට නැගි සිවිලිම්, ඉඩ කඩ ඇති විසිත්ත කාමර, සහ වර්ග අඩි 1,159 සිට වර්ග අඩි 2,164 දක්වා පරාසයක විහිදුනු villa නිර්මාණ සැලසුම් හතක් ඔස්සේ නිම වන මෙම ව්‍යාපෘතිය ඔබගේ වෙනස් වූ රුචි අරුචිකම් හා ගැලපෙමින්, මනා සුවපහසුවක් ලබා දෙනු ඇත.අක්කර 6.5 ක නිස්කලංක භූමි භාගයක විහිදුණු C’est La Vie, සුඛෝපභෝගීත්වය හා මුසු වූ සාමකාමී පරිසරයක්සහතික කරයි. හරිත වර්ණයෙන් අනූන  වූ, අග්‍රගන්‍ය හා සුඛෝපභෝගී අංගෝපාංගයන්ගෙන් සමන්විත C’est La Vie,  නිසැකවම ඔබගේ කාර්යබහුලත්වයේ දිවිය වෙනතකට ගෙන යයි.අතුරුගිරිය සහ කොට්ටාව අධිවේගී මාර්ග වෙත මිනිත්තු කිහිපයක දුරින්, අතුරුගිරිය, බත්තරමුල්ල, කොට්ටාව, තලවතුගොඩ සහ මාලඹේ නගර වෙත සැනින් ලඟා වීමට පහසුව ලබා දෙන ලෙසින් පිහිටා ඇති මෙය, ප්‍රධාන පෙළේ පාසල්, රෝහල්, සාප්පු<span lang="SI-LK"

වැඩි විස්තර
ප්‍රයිම් ලෑන්ඩ්ස් ‘World Business Outlook Awards 2024’ හිදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

2024-11-08

ප්‍රයිම් ලෑන්ඩ්ස් ‘World Business Outlook Awards 2024’ හිදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගම පසුගියදා තායිලන්තයේදී පැවැත්වුණු ‘World Business Outlook Awards 2024’ හිදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. එහිදී ‘2024 වසරේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතම සමාගම’ සහ YOLO ව්‍යාපෘතිය වෙනුවෙන් ‘2024 වසරේ ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ව්‍යාපෘතිය’ යන සම්මාන හිමිකර ගැනීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමට හැකියාව ලැබිණි. මෙම ජයග්‍රහණ, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය උදෙසා මෙන්ම, ජාත්‍යන්තර තලයේ ව්‍යාපෘති ශ්‍රී ලාංකික දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට හදුන්වාදීමට Prime Lands සමාගම නිරතුරුව දක්වන කැපවීම අගය කිරීමකි.“ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් අංශයේ පුරෝගාමීන් ලෙස ප්‍රයිම් ලෑන්ඩ්ස් සෑම විටම සාම්ප්‍රදායික සීමාවන් අභිබවා, පරිවර්තනීය ජීවන අත්දැකීම් නිර්මාණය කිරීම කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. හුදෙක් ඉදිකිරීම් වලින් නොනැවතී ඉන් ඔබ්බට යාම සඳහා අප ගත් ක්‍රමෝපායික තීරණයට මුල් වූයේ, අපගේ සුවිශේෂී පාරිභෝගිකයන්ගේ සිහින සැබෑ කරදීම සම්බන්ධයෙන් අප සතු වූ දූරදර්ශි දැක්මයි. අද වනවිට මෙම දැක්ම අපට අසීමිත වටිනාකම් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකිරීමට මෙන්ම ක්ෂේත්‍රයේ සැබෑම පුරෝගාමියෙකු ලෙස ඉදිරියෙන්ම සිටීමට පන්නරය ලබා දී තිබෙනවා.” ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්.) සමාගමේ නිර්මාතෘ සහ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසී ය.දශක තුනක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ  ප්‍රමුඛතම සමාගමක් ලෙස  තම පොරොන්දු එලෙසින්ම ඉටුකරමින්, පාරිභෝගිකයන් බලාපොරොත්තු වනවාටත් වඩා විශිෂ්ට සේවාවක් ලබාදෙමින් ඉදිරියෙන්ම සිටීමට  ප්‍රයිම් ලෑන්ඩ්ස් සමත් වි ඇත. ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථාන සනිටුහන් කරන අතරම සුඛෝපභෝගී (Luxury), අධි-සුඛෝපභෝගී (Ultra Luxury) සහ ජීවන රටා (Lifestyle) නිවාස සම්ප්‍රදායන්ට නව අර්ථකථන ලබාදීමට සමාගම සමත් වී ඇත. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ නවීන නිවාස නගර (Home Apartment Cities) ඉදිකරන මට්ටම දක්වා සමාගම දියුණු වී ඇති අතර, ඒ ඔස්සේ ඉදිරි පරම්පරාවන්ට සතුටින් හා ආදරණිය ලෙස  ජීවත් විය හැකි සුන්දර නේවාසික වටපිටාවක්  නිර්මාණය කරමින් සිටී.මේ ආකාරයට නිවාස ඉදිකිරීම අතින් ඉහළම ප්‍රමිතීන් පවත්වා ගන්නා අතරම, ගැනුම්කරුවන්ට එම නිවාස පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමටද ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම නිරන්තරයෙන් අවධානය යොමුකරයි. පොලී රහිත 1% ක මාසික වාරිකයක් සහිත පහසු ගෙවීමේ ක්‍රම ආදිය ඔස්සේ ප්‍රථම වරට නිවාස මිලදී ගන්නා ගැනුම්කරුවන්ට සහන සලසන අතරම ආයෝජකයන්ට ආකර්ෂණීය ප්‍රතිලාභ පිරිනැමීමටද සමාගමට හැකි වී තිබේ.දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දූරදර්ශී නායකයෙකු ලෙස ඇගයීමට ලක් වී ඇති ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම සෑමවිටම ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කරන අතර, ගුණාත්මකභාවය සහ විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ප්‍රශංසාවට බඳුන් වී ඇත. ‘World Business Outlook Awards’ හිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීම, මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකිරීමට සමාගම සමත් වී ඇති බවට මනා සාක්ෂියකි. රටේ දේපළ වෙළඳාම් සමාගම් නිර්භීත තීරණ ගැනීමට පසුබට වන මෙවන් යුගයක, සම්මතයට අභියෝග කරමින් සහ YOLO වැනි සුවිශේෂී ව්‍යාපෘති හඳුන්වා දෙමින් , ශ්‍රී ලාංකික දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ සාර්ථකත්වය පිළිබඳ මනා ආදර්ශයක් බවට පත්වීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමට හැකි වී තිබේ.   “ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස, අපගේ පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් අවබෝධ කර ගැනීමට සහ ඒවා ඉටු කිරීමට අපට හැකියාව තිබෙනවා. මේ අපේක්ෂාවන් බොහෝ විට අප්‍රකාශිත හෝ ප්‍රායෝගික නොවන සේ පෙනුණු අපේක්ෂාවන්. අපට හිමි වූ මේ ජයග්‍රහණ මගින් පෙනී යන්නේ, එම සිහින යථාර්ථයක් බවට පත්කිරීම සඳහා අප දරමින් සිටින ප්‍රයත්නය බෙහෙවින් සාර්ථක වී ඇති බවයි. අනාගතය සම්බන්ධයෙන් ගත් විට, අපගේ ඉලක්ක ශ්‍රී ලංකාවට සීමා වන්නේ නැහැ. මේ වනවිට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ගෝලීය පුරෝගාමියෙකු ලෙස ජාත්‍යන්තර තලයට පිවිසෙමින්, අපට හුරුපුරුදු වටිනාකම්, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය ජාත්‍යන්තර දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයටද හඳුන්වා දීමට අප පියවර ගනිමින් සිටිනවා.” ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ සම සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවා ය.සම්මාන දිනූ YOLO ව්‍යාපෘතිය, නවතම ‘Playful Luxury’ ජීවන රටාවක අත්දැකීම ලොවට හඳුන්වා දීමට ප්‍රයිම් ලෑන්ඩ්ස් දරන උත්සාහය මැනැවින් සංකේතවත් කරයි. ‘Apartment City’ සංකල්පයට නව අරුතක් ලබාදෙන මෙම ව්‍යාපෘතිය  අක්කර 13 ක් පුරා විහිදී ඇති, නවීන නිවාස 476 කින් සමන්විත ය. මෙබඳු ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවනු ලබන්නේ ශ්‍රී ලංකාවේ මෙන්ම මුළුමහත් ලෝකයේම ප්‍රථම වරට වීම විශේෂත්වයකි. තරුණ පරපුරට මෙන්ම හදවතින් තරුණ පරපුරට තම සිහිනවලට අත්තටු හිමි වන මනරම් ජීවන අවකාශයන් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම YOLO නිවාස එකතුව සැලසුම් කර තිබේ.ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ YOLO ව්‍යාපෘතිය සහ අනෙකුත් සම්මානලාභී ව්‍යාපෘති පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා www.primelands.lk වෙත පිවිසෙන්න. නැතිනම් +94 710 777 555 අමතන්න. 

වැඩි විස්තර

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.