logo

ප්‍රයිම් ලෑන්ඩ්ස් නවතම යාවත්කාලීන කිරීම්

ප්‍රයිම් ලෑන්ඩ්ස් හි නවතම වර්ධනයන් සහ ජයග්‍රහණ සමඟ යාවත්කාලීනව සිටින්න. අපගේ ව්‍යාපෘති සහ සන්ධිස්ථාන පිළිබඳ වැඩිදුර දැන ගැනීමට අපගේ පුවත් ලිපි කියවන්න.

2024-10-03

ප්‍රයිම් සමූහය (Prime Group) කීර්තිමත් ‘ශ්‍රී ලංකා විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මානය 2024’ (Sri Lanka Best Employer Brand Award 2024) හිමිකර ගනී

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන ප්‍රයිම් සමූහය, 2024 වසරේ පැවැත්වුණු 19 වෙනි සේව්‍ය සන්නාම උළෙලේදී, ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේව්‍ය  සන්නාමය’ ලෙසින් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය. ඒ, මානව සම්පත් සංවර්ධනය සහ සේවක සුභසාධනය ඔස්සේ, ධනාත්මක, වෘත්තිය පරිසරයක් නිර්මාණය කිරීමට ප්‍රයිම් සමූහය ගෙන ඇති ප්‍රයත්නයන් ඇගයීමට ලක් කරමිනි. මෙම සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පසුගියදා පැවැත්විණි.ලෝක මානව සම්පත් වෘත්තිකයින්ගේ සම්මේලනය  (World Federation of HR Professionals) සහ, මානව සම්පත් අංශයේ දැවැන්තයන්ගේ ගෝලීය සංසදයක් වන ලෝක මානව සම්පත් සංවර්ධන කොංග්‍රසය (World HRD Congress) මගින් සහතික කෙරුණු, 2024 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේව්‍ය සන්නාම පිළිබඳ සම්මාන උළෙල, මෑතකාලීන ගෝලීය අභියෝගයන් හමුවේ මානව සම්පත් භාවිතයන් තුළ ආයතනයන් විදහා දක්වන ලද විශිෂ්ටත්වයන් හඳුනාගෙන, ඒවා ඇගයීමට ලක් කරයි.මෙම සම්මානය ප්‍රයිම් සමුහය, සිය සමාගමේ සාර්ථකත්වය උදෙසා නිරතුරුවම කැපවෙන සිය කාර්ය මණ්ඩලයේ වෙනුවෙන් දක්වන කැපවීම පිළිබිඹු කරයි. කාර්ය මණ්ඩලය තම සමාගම පිළිබඳව අභිමානයට පත් වන අයුරින් ප්‍රයිම් සමූහය කටයුතු කිරීමත්, එහි සාමාජිකයින්ට විශිෂ්ට සේවා අත්දැකීමක් ලබාදීමට ප්‍රමුඛත්වය ලබා දීමත්, මෙම සම්මානය ලැබීම ඔස්සේ පිළිබිඹු වේ. “අපගේ කාර්ය මණ්ඩලය යනු අපගේ වටිනාම සම්පත වන අතර, ඔවුන්ගේ යහපැවැත්ම අපගේ ඉහළම ප්‍රමුඛතාවයයි. අප විශ්වාස කරන්නේ, සතුටින් සිටින කාර්ය මණ්ඩලය, අපගේ වටිනා සේවාදායකයින් කෙරෙහිත්, අප සමාගම කෙරෙහිත් විශේෂ සැලකිල්ලකින් කටයුතු කරනු ඇති බවයි”, යනුවෙන්, ප්‍රයිම් සමූහයේ, ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී හි විධායක අධ්‍යක්ෂ ෂෙහානා බ්‍රාහ්මණගේ මෙනවිය පවසයි.විශිෂ්ටතම සේව්‍ය සන්නාමය ලෙසින් ප්‍රයිම් සමූහය සම්මානයට පාත්‍ර වීම, අනාගතයට ඔබින ශ්‍රම බලකායක් ගොඩනැංවීමටත්, එසේම අභියෝග මධ්‍යයේ නැගී සිටින, අභියෝගයන්ට ඔරොත්තු දෙන ආයතනයක් නිර්මාණය කිරීමටත් ප්‍රයිම් සමූහය අඛණ්ඩව ගත් වෑයමේ ප්‍රතිඵලයකි. ප්‍රයිම් සමූහයේ දැක්ම තුළ ආයතනික වශයෙන් ක්‍රියාත්මක වන, කුසලතා කළමනාකරණය, බඳවාගැනීමේ උපාය මාර්ග සහ සේවා ස්ථානයේ යහපත් පරිසරයක් පවත්වා ගැනීම වැනි කරුණු අනෙකුත් සියලු ආයතන වලටද සාර්ථක වෘත්තීය වටපිටාවක් ගොඩ නංවාගැනීමට උපයෝගී කරගත හැකි ප්‍රමිතීන් ලෙස දැක්විය හැක.ප්‍රයිම් සමූහයේ මානව සම්පත් භාවිතයන්, සමාගමේ හර පද්ධතීන් තුළට ගැඹුරින් මුල් බැස තිබෙන අතර, සමූහයේ දක්නට ලැබෙන අද්විතීය නායකත්ව ශෛලිය සහ සංස්කෘතිය මගින්, සිය කාර්ය මණ්ඩලය කණ්ඩායමක් ලෙස වෘත්තීය ජීවිතය තුළ ඉහළටම යාමටත් වගකීම් සහගත පුද්ගලයන් ලෙස කටයුතු කිරීමටත් යොමු කෙරෙනු ඇත.  ප්‍රයිම් සමූහය ලබා ගත් මෙම ජයග්‍රහණය, කොවිඩ් වසංගතය ඇතුළු නොයෙකුත් අභියෝගයන් මධ්‍යයේ ව්‍යාපාර වර්ධනයක් මෙන්ම අඛණ්ඩතාවය පවත්වා ගත් කාර්ය මණ්ඩලයේ උනන්දුව හා සමූහයේ ක්‍රමික ගොඩනැගීම පිළබිඹු කරයි. යහපත් ආකල්ප සහිත වෘත්තීය වටපිටාවක් වෙනුවෙන් ආයතනය දක්වන ප්‍රවේශය, සමූහයේ ඵලදායීතාව සහ වටිනාකම් ඔප්නංවනවා පමණක් නොව සේවය සඳහා යහපත් මානසිකත්වයක් හා සාර්ථක ප්‍රතිඵල ළඟාකරවිය හැකි සේවා පරිසරයක්ද නිර්මාණය කර දී තිබේ. ප්‍රයිම් සමූහයේ විධායක නායකත්ව සහකාර සන්මිත් තාරුන මහතා මෙහිදී පවසා සිටියේ, “අපගේ සමූහයේ සාර්ථකත්වය පිටුපසින් සිටින ප්‍රධානතම බලවේගයන් වන්නේ අප ආයතනයේ කාර්ය මණ්ඩලය බව මෙම සම්මානය දිනා ගැනීම ඔස්සේ තහවුරු වනවා. එමෙන්ම, අපගේ සියළුම පාර්ශවකරුවන්ට, විශේෂයෙන්ම අපගේ කාර්ය මණ්ඩලයට වඩාත් යහපත් සේවාස්ථානයක් නිර්මාණය කිරීම සඳහා වන අපගේ කැපවීමත් මෙයින් නැවත තහවුරු කෙරෙනවා” යනුවෙනි. ආදර්ශමත්  නායකත්වය තුළින් ඉදිරියට යන ප්‍රයිම් සමූහය, ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සේව්‍ය  සන්නාමය’ ලෙසින් සම්මානයට පාත්‍ර වීමද සමඟ, ශ්‍රී ලංකාවේ සේව්‍ය සන්නාමයන් සඳහා නව ප්‍රමිති මට්ටමක් නිර්මාණය කර තිබේ. තම ආයතනයේ කාර්ය මණ්ඩලයට ප්‍රමුඛත්වය ලබාදෙමින්, විශිෂ්ටත්වයේ සහ එකිනෙකාට රැකවරණය ලබා දීමේ වෘත්තිය සංස්කෘතියක් නිර්මාණය කිරීම කෙරෙහි අනෙකුත් ආයතනයන්ට ද අනුප්‍රාණයක් සපයයි.

වැඩි විස්තර
ප්රයිම් සමූහයේ සුඛෝපභෝගී 'Waterfall Residencies', නිවාස හිමිකරුවන් වෙත උත්සවාකාරයෙන් භාරදෙයි

2024-02-22

ප්රයිම් සමූහයේ සුඛෝපභෝගී 'Waterfall Residencies', නිවාස හිමිකරුවන් වෙත උත්සවාකාරයෙන් භාරදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සංවර්ධකයෙකු වන ප්‍රයිම් සමූහය (Prime Group), සම්මානනීය සහ පුළුල් විලා (Villas) ව්‍යාපෘති එකතුව තවදුරටත් පුළුල් කරමින්, මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක සන්සුන් මෙන්ම පරිසර හිතකාමී නේවාසික සංකීර්ණයක් වන ‘Waterfall Residencies’ නිල වශයෙන් පාරිභෝගික අයිතියට පත් කර ඇත.අක්කර පහක පුළුල් භූමි භාගයක පැතිර ඇති ‘Waterfall Residencies’ ව්‍යාපෘතිය සතුව නිදන කාමර තුනකින් යුත් දෙමහල් ඉඩකඩ සහිත තනි නිවාස ඒකක 50ක් (individual two-storied housing units) අන්තර්ගත වේ. එමඟින් කොළඹ නාගරික පහසුකම්වලට සමීපව, සන්සුන් සහ නිදහස් වටපිටාවක ජීවත් වීමේ අවස්ථාව පදිංචිකරුවන්ට හිමි වේ. එහි නමෙන්ම හැඟවෙන පරිදි, ස්ඵටික විලක් (crystal pond) වෙතට ඇද හැලෙන අඩි 100ක් උසැති දිය ඇල්ලක් ඇසුරෙන් මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර ඇති බැවින්, මෙම පරිශ්‍රයට සුවිශේෂී සුන්දරත්වයක් එක්ව ඇත. නවීන ගෘහ නිර්මාණ ශිල්පය සහ තිරසාර විශේෂාංගයන්ගෙන් සමන්විත ‘Waterfall Residencies’, සුඛෝපභෝගී ජීවන රටාවකට නව ප්‍රමිතියක් එක් කරමින් පරිපූර්ණ පවුල් නිවහනක් නිර්මාණය කරයි.මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රයිම් සමූහයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා මෙසේ පැවසීය, "‘Waterfall Residencies’ පාරිභෝගිකයින් වෙත භාර දීම තුළින් අප සමරනු ලබන්නේ තවත් එක් සිහිනයක් සැබෑ වීමයි. මෙම විශිෂ්ට නිවාස හිමිකර ගත් නව පාරිභෝගිකයින් සැමට මගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමනවා. ඔබේ නිවස රැකබලා ගැනීම යනු හුදෙක් එහි ව්‍යුහය නඩත්තු කිරීම පමණක් නෙවෙයි; එය අන්‍යෝන්‍ය සහයෝගය දක්වන ප්‍රජාවක් ගොඩනැගීම සහ අපගේ පරිසරය සුරැකීම ද දක්වන සැලකිල්ලක්. අපගේ ප්‍රයත්නයන් සාර්ථක වන විට, රටේ ප්‍රගතිය වෙනුවෙන් දායක වීමට ලැබීම පිළිබඳව අප නිහතමානීව සතුටු වනවා. ජීවත් වීමට සුදුසු, ආදරණීය ප්‍රජාවන් බිහි කිරීමේ අපගේ උදාර මෙහෙවර අඛණ්ඩව සහ වඩාත් උද්‍යෝගයෙන් ඉදිරියටම රැගෙන යාමට අපි පොරොන්දු වෙනවා."පසුගියදා පැවැත්වුණු උත්සවයේදී නිලධාරීන් අතින් තමන්ගේ සුවිශේෂී ‘Waterfall Residencies’ නිවෙස්වල යතුරු ලබා ගත් පවුල්වල සාමාජිකයින් මහත් සතුටට පත් වූහ. සොබාදහමෙන් ආභාෂය ලැබූ සුවපහසු ජීවන රටාවක් සමඟින් නව මතකයන් එක් කර ගැනීමට දැන් ඔවුන්ට අවස්ථාව උදා වී ඇත.වෘත්තියෙන් නීතිඥවරියක වන මෙහි නව නිවාස හිමිකාරිනියක වන අනුරාධා ගුණවර්ධන මහත්මිය සිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය, "මම ප්‍රයිම් ලෑන්ඩ්ස් ආයතනය තෝරා ගත්තේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ වසර 28කට අධික කාලයක් පුරා ඔවුන් ගොඩනඟා ගෙන ඇති නොසැලෙන කීර්ති නාමය නිසයි. මුලදී මම සෙව්වේ සාමාන්‍ය නිවසක් වුණත්, අවසානයේදී මට ලැබුණේ පුංචි දිව්‍ය ලෝකයක් වැනි අපූරු තැනක්. පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් ප්‍රයිම් සමාගම දක්වන කැපවීම මුල් දවසේ ඉඳන් අද නිවාස භාර දෙන උත්සවය දක්වාම මැනවින් පැහැදිලි වුණා. ඔවුන් සෑම පාරිභෝගිකයෙකුටම රාජකීය අයුරින් සලකනවා. මෙම ව්‍යාපෘතිය හරහා ඔවුන් ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවත වරක් ඔප්පු කර තිබෙනවා. මට මෙයින් ලැබුණු සතුට සහ වාසනාව වචනවලින් කියන්න බැහැ. මෙවැනි අපූරු, පරිසර හිතකාමී සංකල්පයක් අපට හඳුන්වා දීම පිළිබඳව මම ප්‍රයිම් සමූහයට ස්තූතිවන්ත වෙනවා."ආරක්ෂිත සහ පෞද්ගලික නේවාසික කලාපයක් (gated community) ලෙස නිර්මාණය කර ඇති ‘Waterfall Residencies’, පවුල් සඳහා ඉහළ ආරක්ෂාවක් සහ අනන්‍යතාවක් සහතික කරන අතරම, සොබාදහම සමඟ බද්ධ වූ සෞඛ්‍ය සම්පන්න සහ යහපත් ජීවන රටාවක් ප්‍රවර්ධනය කරයි. ‘Waterfall Residencies’ පදිංචිකරුවන්ට නාගරික ජීවිතයේ කිසිදු පහසුකමක් අත නොහරිමින්, නවීන පහසුකම් රැසක් භුක්ති විඳීමේ අවස්ථාව සලසා දෙයි.තවත් සතුටට පත් නිවාස හිමිකරුවෙකු වන එම්.ජේ.ඩබ්ලිව්. සිල්වා මහතා මෙසේ පැවසීය, "මාලබේ ‘Waterfall Residencies’ නිවාස භාර දීමේ උත්සවයට සහභාගී වීමට ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. විවිධ සමාගම් සහ ව්‍යාපෘතිවලින් පිරුණු වෙළඳපලක් තුළ, පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් ප්‍රයිම් සමූහය දක්වන කැපවීම සැබවින්ම කැපී පෙනෙනවා. හුදෙක් ලාභය ලැබීමට පමණක් සීමා නොවී, පාරිභෝගිකයාට සතුට උදා කර දෙන සේවාවක් සැපයීමට සභාපතිතුමා තුළ ඇති කැපවීම මගේ පැසසුමට ලක් වෙනවා. එක් එක් පාරිභෝගිකයාගේ අවශ්‍යතා හඳුනාගෙන ඔවුන්ට පෞද්ගලිකවම දක්වන සැලකිල්ල සහ අවධානය නිසා ප්‍රයිම් සමූහය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටිනවා. අප වැනි නිවාස හිමියන්ට මෙවැනි සුවිශේෂී අත්දැකීමක් ලබා දීමට කටයුතු කළ සභාපතිතුමාගේ දුරදක්නා නායකත්වයට මගේ හෘදයාංගම ගෞරවය පුද කර සිටිනවා."වසර 28ක ඔප්පු කරන ලද පරිණත අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහයේ ‘Waterfall Residencies’ ව්‍යාපෘතිය ඔවුන්ගේ ගමන් මඟෙහි තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයකි. මෙය ඔවුන්ගේ වටිනා පාරිභෝගිකයින් වෙත සාර්ථකව භාර දුන් 24 වන විලා (villa) ව්‍යාපෘතිය වන අතර, 2024 වසර තුළ ඉදිකිරීම් නිම කර භාර දුන් දෙවන ව්‍යාපෘතියයි. ප්‍රයිම් සමූහය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ නව මානයන් සොයා යමින් පාරිභෝගිකයින්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීමට අඛණ්ඩව කටයුතු කරන බැවින්, මෙම වසර තුළ තවත් ව්‍යාපෘති හතරක් සැලසුම්ගත පරිදි පාරිභෝගික අයිතියට පත් කිරීමට නියමිතය.

වැඩි විස්තර

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.