logo

2024-05-28

ප්‍රයිම් සමූහයේ "88 Residence කහතුඩුව" විවෘත දිනය (Open Day) සිහින නිවහනක අසිරිමත් ජීවන අත්දැකීමක් හිමිකර ගැනීමට මඟ විවර කරයි

සැමටම තමන්ගේ සිහින නිවහනක හිමිකාරිත්වය සැබෑවක් බවට පත් කිරීමේ නොසැලෙන කැපවීම පෙරදැරි කරගනිමින්, දේශීය දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වන ප්‍රයිම් සමූහය (Prime Group), කහතුඩුව නගර මධ්‍යයේ පිහිටි සුඛෝපභෝගී නේවාසික ව්‍යාපෘතියක් වන "88 Residence" පරිශ්‍රයේදී බොහෝ දෙනෙක් අපේක්ෂාවෙන් සිටි විවෘත දිනය (Open Day) පසුගියදා පවත්වන ලදී.

2024 මැයි 17 සිට 19 දක්වා පැවැත්වුණු මෙම විවෘත දින වැඩසටහන තුළදී, නිවාස මිලදී ගැනීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට එහි ඉදි කර ඇති අලංකාර ආදර්ශ නිවස (Model House) නැරඹීමට අවස්ථාව ලැබුණු අතර, ප්‍රයිම් සමූහයේ සෑම නිර්මාණයකම අඩංගු උසස් නිමාව සහ ගුණාත්මකභාවය පිළිබඳව එහිදී ඔවුන්ට සෘජු අත්දැකීමක් ලබා ගැනීමට හැකි විය.

මෙම එකඟතාවය යටතේ, නිවසක හිමිකාරිත්වය අපේක්ෂා කරන්නන්ට නිවසේ වටිනාකමෙන් 25%ක් එනම් රුපියල් මිලියන 8ක පමණ මුදලක් ගෙවා 88 Residence වෙතින් නිවසක් වෙන්කරවා ගත හැකිය. එහිදී සියලුම නීතිමය ලියකියවිලි සහ ඔප්පු පැවරීම් සූදානම්ව ඇති බැවින්, පාරිභෝගිකයින්ට වහාම නිවසේ පදිංචි වීමේ සුවිශේෂී අවස්ථාව හිමි වේ. ඉන් අනතුරුව, නිවසට සංක්‍රමණය වීම වඩාත් පහසු කරමින් පළමු වසර සඳහා වන පොලී පිරිවැය ප්‍රයිම් සමූහය විසින් දරනු ලබයි. මෙම පෙරළිකාර ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුවේ (HNB) නියෝජිතයින් ද විවෘත දින පරිශ්‍රය වෙත පැමිණ සිටියහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගමේ [Prime Lands (Pvt) Ltd] විකුණුම් මෙහෙයුම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර සාමාන්‍යාධිකාරී (Senior AGM) සුරංග පීරිස් මහතා මෙසේ පැවසීය, "විවෘත දිනයේ ප්‍රධානතම අරමුණක් වුණේ, ප්‍රයිම් සමූහයේ මව් සමාගම වන ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම සහ හැටන් නැෂනල් බැංකුව (HNB) අතර ඇති උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳව පාරිභෝගිකයින්ට පහසුවෙන් තොරතුරු ලබා දීමයි. මෙම සුවිශේෂී ගෙවීමේ ක්‍රමය 88 Residence සඳහා පමණක් නොව, අප සමූහය සතු අනෙකුත් සියලුම තනි නිවාස ව්‍යාපෘති සඳහා ද වලංගු වනවා. මෙම විප්ලවීය ගෙවීමේ ක්‍රමවේදය හරහා, නිවාස හිමිකාරිත්වය පිළිබඳ සිහිනය වෙන කවරදාටත් වඩා පහසුවෙන් සැබෑවක් බවට පත් කිරීමට ප්‍රයිම් සමූහය සුවිශේෂී පියවරක් තබා තිබෙනවා."

පිළියන්දල, කහතුඩුව ප්‍රදේශයේ හරිත පැහැයෙන් බැබළෙන වෙල්යායකට මායිම්ව පිහිටා ඇති මෙම දේපළ, ඉතා නිස්කලංක වටපිටාවකින් සමන්විත වේ. නිදහස් ස්වභාවධර්මය මැද සුඛෝපභෝගී සුවපහසුවක් ලබා දෙන මෙම පරිශ්‍රය, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විඳිමින් සොබාදහම සමඟ ජීවිතය භුක්ති විඳීමට කදිම නවාතැනකි. මෙහි ඇති සෑම නිවසක්ම ස්වභාවධර්මය සමඟ ජීවත්වීම නව මානයකට රැගෙන යන අතිනවීන අවකාශයන් සහ පහසුකම්වලින් සමන්විත වේ. පැය 24 පුරා ක්‍රියාත්මක ආරක්ෂක සේවාවක් සහිත මෙම ආරක්ෂිත නිවාස සංකීර්ණය (Gated Community) නිවාස 25කින් සමන්විතය. වර්ග අඩි 1,365 සිට 1,572 දක්වා පරාසයක විහිදෙන, නිදන කාමර 3 බැගින් යුත් විවිධ මාදිලි 3කින් යුත් මෙම නිවාස සැලසුම් කර ඇත්තේ සන්සුන් ස්වභාවික පරිසරයක් තුළ නවීන හා සුවපහසු ජීවන අත්දැකීමක් ලබා දීම සඳහාය.

HNB බැංකුවේ සිල්ලර බැංකු කටයුතු ප්‍රධානී (Head of Retail Banking) කාංචන කරුණාගම මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය, "HNB බැංකුව ලෙස අපි ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ නිවාස සිහින සැබෑ කර ගැනීමට නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා. ප්‍රයිම් සමූහය සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා, සුඛෝපභෝගී නිවසක හිමිකාරිත්වය වෙන කවරදාටත් වඩා පහසු කරවන ගැලපෙනම ගෙවීමේ ක්‍රමවේදයක් පාරිභෝගිකයින්ට හඳුන්වා දීමට අපට හැකි වී තිබෙනවා. මෙම කීර්තිමත් 88 Residence ව්‍යාපෘතිය වෙනුවෙන් පවතින මූල්‍ය බාධාවන් ඉවත් කරමින්, සිහින නිවසකට යන මඟ අපි වඩාත් සුමට කර තිබෙනවා."

මනාව සැලසුම් කර ඇති මෙම නිවාස නූතන සුවපහසුවෙන් යුක්ත වන අතර, සෑම නිවසක් සඳහාම උසස් තත්ත්වයේ විදුලි ලාම්පු, සාලය සහ නිදන කාමර සඳහා සිවිලිම් විදුලි පංකා මෙන්ම ග්‍රැනයිට් මුදුනක් (Granite top) සහිත සියලුම උපාංගවලින් සමන්විත පැන්ට්‍රියක් ද ඇතුළත් කරමින් ඉහළම ජීවන තත්ත්වයක් සහතික කර ඇත.

මීට අමතරව, මෙම දේපළ 120 බස් මාර්ගයට මීටර් 750ක් වැනි කෙටි දුරකින් සහ කොට්ටාව නගරයට විනාඩි 10ක පමණ දුරකින් පහසුවෙන් ළඟා විය හැකි පරිදි පිහිටා ඇත. එමෙන්ම කිලෝමීටර් 2ක් වැනි කෙටි දුරකින් පිහිටි දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම හරහා දිවයිනේ දකුණු පළාතේ ප්‍රධාන නගර වෙත පහසුවෙන් ළඟා වීමේ අවස්ථාව ද 88 Residence වැසියන්ට හිමි වේ.

නූතන සුඛෝපභෝගීත්වය සහ සොබාදහමේ සන්සුන් බව මුසු වූ සිහින නිවසක අසිරිය විඳගැනීම සඳහා කහතුඩුව 88 Residence වෙත පැමිණෙන ලෙස ප්‍රයිම් සමූහය සියලුම පාරිභෝගිකයින්ට ආදරයෙන් ආරාධනා කර සිටියි.

Related News

අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.