logo

2024-02-22

ප්රයිම් සමූහයේ සුඛෝපභෝගී 'Waterfall Residencies', නිවාස හිමිකරුවන් වෙත උත්සවාකාරයෙන් භාරදෙයි

සියලු පහසුකම් සපිරි මාලඹේ නගරයේ හරිත වර්ණ පරිසරයක් මැද ඉදි වූ, ප්‍රයිම් සමූහයේ නවතම ව්‍යාපෘතිය වන 'Waterfall Residencies’ හි නිවාස, හිමිකරුවන් වෙත භාරදීම පසුගියදා උත්සවාකාරයෙන් සිදුකෙරිණි. 'Waterfall Residencies’ යනු සොඳුරු නිවහනක අසිරිය සොයන පවුල්වලට තෝතැන්නක් බඳු සුඛෝපභෝගී නිවාස එකතුවකි.


සම්මාන රැසකින් පිදුම් ලැබූ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක් වන  ප්‍රයිම් සමූහයේ ‘Villa’ වර්ගයේ ව්‍යාපෘති අතරට එක් වූ නවතම ව්‍යාපෘතිය මෙයයි. වේගයෙන් හා අඛණ්ඩව දියුණුවන මාලඹේ නගරයේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ, පරිසර හිතකාමී සුන්දර වටාපිටාවක් මැද මෙම ව්‍යාපෘතිය  පිහිටා තිබේ.


අක්කර 5 භූමිභාගයක ඉදි වූ මෙම සුවිශේෂී ව්‍යාපෘතියට නිදන කාමර තුන බැගින් යුත් තට්ටු දෙකේ නිවාස 50 ක් ඇතුළත් වී ඇත. මෙය නිවාස ගැනුම්කරුවන්ට කොළඹට නුදුරු ස්ථානයකින්, සුන්දර පරිසරයක පිහිටි සුඛෝපභෝගී නිවසක් මිලදී ගැනීමට ලැබුණු මහඟු අවස්ථාවකි. අඩි සියයක උසක සිටි පලිඟුමය පොකුණකට ඇදහැලෙන මනරම් දිය ඇල්ලක් හේතුවෙන් මෙම ව්‍යාපෘතියට 'Waterfall Residencies’ යන නාමය ලැබී තිබේ. සිත් ඇදගන්නාසුලු ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ සහිතව ඉදි වූ මෙම නිවාස, සුඛෝපභෝගී ජීවිතයක සතුට සොයන කාටත් කෙම්බිමක් වනු නිසැක .


මෙම ව්‍යාපෘතියේ නිවාස ඒවායෙහි ගැනුම්කරුවන් වෙත භාරදීම, සියලු දෙනාගේ සිහින සැබෑ වුණු අවස්ථාවක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ නිවාස හිමියන් සියලුම දෙනාට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනැමීමට මා කැමතියි. නිවසක් රැකබලා ගැනීම යනු හුදෙක් එහි භෞතික දේවල් නඩත්තු කිරීම පමණක් නොවෙයි. අසල්වැසියන් සමග සුහදත්වයෙන් කටයුතු කිරීම සහ පරිසරය

Related News

අපගේ අනුබද්ධිත ආයතන

ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙම