ප්‍රයිම් ගෲප් (Prime Group) සමාගම ඔබ බොහෝ කල් බලා සිටි සුපිරි නිවාස ව්‍යාපෘතියක් සමඟින් සිය දේපළ එකතුව තවත් ශක්තිමත් කරයි. නුගේගොඩ, මෙල්ඩර් ප්ලේස් හි ඉදිවන නවතම 'සිග්නේචර් විලා' (Signature Villa) ව්‍යාපෘතිය දැන් අත්තිකාරම් මුදල් ගෙවා වෙන්කරවා ගත හැක.
හයිලෙවල් පාරට මීටර් 300ක් වැනි කෙටි දුරකින් සහ සියලුම නාගරික පහසුකම්වලට ආසන්නව පිහිටි මෙහි, වර්ග අඩි 2372 සිට 2854 දක්වා ප්‍රමාණවලින් යුත් නිදන කාමර 3 සහ 4 බැගින් වූ සුවිශේෂී තනි විලා නිවාස 09ක් ඇතුළත් වේ. මෙහිදී ඔබට තේරීමට විලා මාදිලි (Villa types) 5ක් ඇත.
මෙම සිග්නේචර් විලා නිවාස, TV ලොබියක්, ටෙරස් (Terrace) එකක්, උණු වතුර පහසුකම් සහිත නානකාමර, ග්‍රැනයිට් මුදුනක් සහ SS සින්ක් එකක් සහිත මහෝගනී ලීයෙන් නිමවූ පැන්ට්‍රි කබඩ් කට්ටලයක්, මනරම් ලෙස සකසන ලද ගෙවත්තක්, ඉඩකඩ ඇති කාර් පෝච් එකක් සහ රෝලර් ඩෝර් (Roller door) සහ කුඩා ගේට්ටුවක් සහිත වට තාප්පයකින් සමන්විත වේ. මෙම සියලුම සුඛෝපභෝගී පහසුකම් නිසාම මෙය ඔබට 'මගේම නිවස' යැයි පැවසීමට ඇති හොඳම සහ සුදුසුම ස්ථානයයි.
නුගේගොඩ මෙල්ඩර් ප්ලේස් හි සිග්නේචර් විලාස්, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දේපළ වෙළඳාම් සමාගම මෙන්ම ICRA ලංකා ආයතනය වෙතින් [SL] A- (Stable) මූල්‍ය ශ්‍රේණිගත කිරීමක් (Credit Rating) ලබා ඇති එකම රියල් එස්ටේට් සමූහය වන ප්‍රයිම් ගෲප් (Prime Group) වෙතින් පිරිනැමේ.
දැන් වෙන්කරවා ගත හැක.
අත් පත්‍රිකාව
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය වන ප්‍රයිම් ව්‍යාපාර සමුහය, සමගම හා අනුබද්ධ සමාගම්වල ඉතා ශක්තිමත් එකතුවකින් සමන්විත වේ. ඔවුන් හා එක්ව, අපි ඔබගේ සෑම දේපල අවශ්‍යතාවයක්ම සපුරාලීම සඳහා නවතම සහ වටිනාකම මත පදනම් වූ නිමවුම් නිර්මාණය කරන්නෙමු.